saravita-anim2

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා

Latest News - timelapse 1182 hours ago

LATEST

විදුලි ගාස්තු සංශෝධනයට මණ්ඩලය නිවැරදි දත්ත දෙන්නේ නැතිලු

calendar_today 2024 මාර් 04 - 08:49 remove_red_eye - 297  

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව විදුලිබලමණ්ඩල බලධාරීන් නිවැරදි ලෙස දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීන්දුවක් ගැනීමට මහජන උපයෝගිතා කොමිසමට තවමත් නොහැකි වී තිබෙනබව එම කොමිසමේ සේවකයෝ සඳහන්කරති

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කථානායකවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (04දා) පාර්ලිමේන්තුවට භාර දෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබූ යාපනයේ සුතෙන්ද්‍රරාජා මෙවත් සාන්තන් නමැත්තා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ දේහය සිය උපන්බිම වන යාපනයට රැගෙන එනු ලැබීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා 08ක් 2023 වර්ෂයේ පෙබරවාරි මස සිට ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත් කොට තිබුණද, එම ගුවන්යානා සඳහා බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්තු 01වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ ,5 ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දින නියමවීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2024 වර්ෂයේ පාසල් වාර සටහන සංශෝධනය කර තිබේ.

Read More

කොළඹ 6 හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්ම්ල් මහතාගේ පුතෙකුඅත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇතිමීවනපලානේ සිරිධම්මාලංකාරනමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක්.

Read More

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ.

Read More

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ හෙට (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය.

Read More

අඩුම කාලයක් තුල පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් වුහ.

Read More

ආර්ථිකය කඩා වැටුණ පසු ලෝකයේ කිසිම රටක් බලාපොරොත්තු වුණාට වඩා වේගයෙන් අපේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගත්තා.... මෙය ඉදිරියට ගෙන යාමට නම් ජනතා කැමැත්ත ලැබිය යුතුයි... සංවර්ධනයට රජය මුදල් වෙන් කර ඇත්තේ ගත් ණය වලින් හෝ මුදල් මුද්‍රණය කිරීමෙන් තොරවයි... සියළුම මුදල් රජයේ ප්‍රතිපාදනයි... නිදහසින් පසු 75 වසර තුළ රටේ භෞතික සංවර්ධනයේ සුවිශාල සංවර්ධනයක්.... එහි ගෞරවය පාලකයන්ට මෙන්ම සියලුම දේශපාලනඥයන්ටත් ලැබිය යුතුයි...

Read More

පොහොට්ටුව අපේක්ෂකයක් දානවනම් ඔහු රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුයි.. බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් උදව් කරනවා... මේක නාමල්ගේ වෙලාව නෙමෙයි.. පොහොට්ටුව හැර වෙන පක්ෂයකින් ඉල්ලන්නේ නෑ....

Read More

බත් පැකට්ටුවක මිල රු. 25 කින්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 50 කින්, තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට එම සංගමය කටයුතු කර තිබේ.

Read More

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා නව ගුවන් ගමනක් ආරම්භ කිරීම මාලදිවයිනේ නිල ගුවන් සේවය සැලසුම් කර තිබේ.

Read More

පතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේශයකට ගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පවසන නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් සහ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවද පවසයි .

Read More

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වවලවාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ගාල්ල, නාගොඩ වලකුඹුර ප්‍රදේශෙය් අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Read More

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.

Read More

යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම ඊයේ (01දා) උදෑසන සිදු කරනු ලැබුණි.

Read More

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ගෘහ සේවය සඳහා මෙරටින් සෞදි අරාබියාවට ගිය කාන්තාවන් සිව් දෙනෙකුට සෞදි අරාබියාවේ රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් රැඳී සිටියද එම අයට විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති.

Read More

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ මෙන්ම ‌පෙබරවාරි මාසයේදීත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ. ඒ් අනුව ‌පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 218 350කි.

Read More

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද දින (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Read More

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර 03/01 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

Read More

කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

Read More

බදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්‍රී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී විසිදෙක හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.