මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින්අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන දන්ත වෛද්‍ය සිසුන් ලබන වසර මැද භාගයේ දී අනිවාර්යෙන් ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකළ යුතු වුවත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම මහත් ගැටලුවක් ව පැවතුණි.
Read Moreබුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල සිදු වන අතර එය තාරකාවිද්‍යා ලෝලීන්ට සහ තරු නිරීක්ෂකයින්ට දර්ශනීය දසුනක් ලබා දෙයි.
Read Moreමෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අනුරාධපුරයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් රැඳවියන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreකොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
Read Moreවැඩි මිලට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු දේශීය රතු කැකුලු හාල් තොගයක් සමග ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
Read More2024 අදාළව අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.
Read Moreජනප්‍රිය වන වැඩ කරමින් ජනතාවගේ ප්‍රශ්න නැවැත්වීමට කටයුතු කළ නොහැකි බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
Read Moreසහතික මිලට වඩා අඩුවෙන් මිස වැඩි මිලට සහන් වෙළඳපොලේ විකිණීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා තමාට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159 ක් ගත් දරැවා මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගියා. තෝරවෙලකන්ද පාසලේ මෙවර ශිෂ්‍යත්ව සමත් එකම දරැවා.මව හැඩු කදුලින් කියයි.
Read Moreඅත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි අඟල් 4 - 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
Read Moreගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්‍රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreඅපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙනකොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩිකරනවා කියලා, දැන් පොල් 240යි. හරිනම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.
Read Moreජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.
Read Moreවනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි 3 වැනි ස්ථානයේත් තුන් ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගත කිරිම්හි හයවැනි ස්ථානයේත් රැදී සිටියි.
Read Moreමුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreමෙරට සෞඛ්‍ය සේවාවේ වසංගත රෝග පාලනය සහ වැළැක්වීම සදහා පුමඛ කාර්යභාරයක් සිදු කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිතව ඇති වසංගත රෝග විද්‍යා අංශයේ සේවා කටයුතු ශක්තිමත් කරමින් ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට මෙන් ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.
Read Moreයෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 34ක මුදලක් වැය කර රත්මලාන ප්‍ර දේශයේ නිවසක් හා ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිමකට අදාළව කරන ලද විමර්ශනවලවට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreහිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඌව හා දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreරාත්‍රි සාද පැවැත්විමේදි රාත්‍රි 10 තෙක් පමණක් ශබ්දවාහිනි යන්ත්‍ර භාවිතයට දි තිබෙන කාලසිමාවේ සංශෝධනයක් කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසිය.
Read Moreරටක් විදිහට අපි හොඳ ශක්තිමත් ආර්ථිකක් සහිත රටක් වුනා සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න බවත්, නමුත් අවාසනාවකට රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා ස
Read Moreරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (24) පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පත්කිරීම සිදු කෙරිණි.
Read Moreපහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක්, කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව ලකුණු 188 ක් ලබමින් සමත් වී ඇත.
Read Moreඌව සහ දකුණු පලාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි අතිවන බව කාළගුණ විද්‍යා මධ්‍යස්ථානය දන්වා සිටියි.
Read Moreඅධික ලෙස මත්පැන් පානය කර පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත ගරාජයක කාමරයක ඇඳක් මත පොලිස් නිල ඇඳුමින් පිරිසක් සමග නිදාගෙන සිටියදී ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් අයකුගේ රාජකාරී වැඩ ඊයේ 23 දින සිට තහනමට ලක් කළ බව පානදුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreමෙම සංශෝධනයත් සමග මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 600ක්, දිවා ආහාරය සඳහා රුපියල් 1,300ක් සහ සවස තේ සඳහා රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබේ. මිල සංශෝධනය පෙර උදෑසන ආහාරය සඳහා රුපියල් 100ක්, දිවා ආහාරය සඳහා රුපියල් 300ක් සහ සවස තේ සඳහා රුපියල් 50ක් වැය විය.
Read More2024 වසරට අදාළව පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෙක් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. මිට අමතරව ලකුණු 187 හා 186 යන ප්‍රමාණයන් ලබාගත් දරුවන්ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය. සිසු සිසුවියන් 17 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවද ඔහු පැවැසිය.
Read Moreෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
Read More