මොනරාගල පොලිස් වසමට අයත් කුමාරතුංග මාවතේ පදිංචි අවුරුදු දහයක් වයසැති තම දරුවාගේ මුහුණ කම්බිකූරක් රත්කොට පිළිස්සීම සම්බන්ධයෙන් දරුවාගේ මව ඉකුත් (19) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි නිර්දේශ
Read Moreමාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඅධික උෂ්ණත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කකයේ විශාලම වාරි පද්ධතිය ලෙස සැලකෙන කන්තලේ වැවේ දිනකට අක්කර අඩි 20 ත් 25ත් අතර ජල ධාරිතාවයක් වාෂ්ප වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවිදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කල බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.
Read Moreජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 18 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
Read Moreරට තුළ එක බදු ක්‍රමයක් සහ කොළඹ වරාය නගරය තුළ තවත් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යාමෙන් විශාල ගැටලුවක් නිර්මාණය වන බවත්, ඒ පිළිබඳ සොය බලා තීරණයක් ගත යුතු බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreරුසියාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ව්ලැදිමිර් පුටින් මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (18) යොමුකෙරිණ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි , නිතර නිතර ගුවන් මගින් භාණ්ඩ මෙරටට ගෙන එන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද සමග ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ , ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 03/19 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .
Read More22 වැනි සිකුරාදා ප.ව 12.30 සිට විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ‘වී අස්වැන්න අලෙවිකර ගැනීම ඇතුළුව ගොවීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු’ සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් තීරණයක් අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව 9.30 සිට ප.ව 12.30 කාලය වෙන් කෙරේ අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතියට අදාළ රැස්වීම් අප්‍රේල් 1 සහ 2 දෙදින පැවැත්වීමටත් තීරණයක්
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කළ ඖෂධ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවත් ටෙන්ඩර් පටිපාටිය මගින් පමණක් ඖෂධ මිලදී ගැනීම්සිදු කරන අතරඑහි පූර්ණ වගකීම ඖෂධ නියාමන අධිකාරියට පවරා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත මහීපාල පවසයි.
Read Moreඋත්සව සමයේ අවශ්‍යතා සදහා තවත් බිත්තර මිලියන 42ක් පමණ ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreඉන්දියාවේ බැංගලෝර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 03/19 දින අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1000ක ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක සීමාවකට යටත්ව, අාගමික ස්ථාන වල පියැසි පාදක සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෙකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
Read Moreරජරට විශ්ව විද්‍යාලය සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්ව විද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සම්බන්ධ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබේ
Read More2024 යල කන්නය වෙනුවෙන් වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රු 15000 බැගින් උපරිමය හෙක්ටයාර දෙකක් දක්වා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම මුදල් සෘජුවම ගොවීන්ගේ ගිණුම් වෙත බැර කරන බව රජය නිවේදනය කරයි.
Read Moreදැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්‍යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය .
Read Moreදිස්ත්‍රික්ක 25ක පවුල්හි මිලියන මිලියන 2.74ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සදහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබේ.
Read Moreදිවයිනේ දකුණු අර්ධයේ වියළි කාලගුණය තාවකාලික ෙවනසක් හෙට දිනෙන් පසු අපේෂා කල හැක. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
Read Moreඉංගිරිය පදිංචි ගව හිමියෙකුට අයත් ගවයින් සත් දෙනෙකු මෙලෙස නැතිවී තිබූ අතර, ගව හිමියාට ලැබුණු තොරතුරක් මත ඔහු ඉංගිරිය පොලිසිය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ක්‍රියා කර ඇත.
Read Moreදොඹගහවෙල පොලිස් වසමට අයත් ඇලේලන්ද ප්‍රදේශයේ කාන්තාවක් කැබ්රථයක නංවාගෙන ඇයට ලිංගික අතවරකර ගෙල බැඳි රන්මාලයක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු දොඹගහවෙලා පොලීසිය මඟින් ඊයේ (18) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
Read Moreඉකුත් අරගල භුමියේ ප්‍රසිද්ධියට පත්ව සිටි ජින් ඇන්ටි නමැත්තියගේ රුපියල් එක් ලක්ෂ පනස්නවදහසක මුදලක් හා ජංගම දුරකථනයක් සොරකම් කිරීම සම්බන්ධව ඇය විසින් සිය සැමියාට එරෙහිව පවරා තිබෙන නඩුව ඊයේ (18 වැනිදා) මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය හමුවේ නැවත කැඳවු අවස්ථාවේ මේ සම්බන්ධව සැමියා සමග සමථයකට පත් වී සිටින නිසා එම නඩුව ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය නොවන බවට පැමිණිලිකාර ජින් ඇන්ටි අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
Read Moreසැකකරු යුද හමුදාවෙන් ඉවත්වීමෙන් පසු දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටින අතරතුර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ඇසුරට පත්වීමෙන් පසු ඔහු හෙරොයින් මත්කුඩු ජාවාරමට යොමු වී ඇති අතර, හෙරොයින් මත්කුඩු භාවිතයටද ඇබ්බැහි වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Read Moreළමයින් හැර රැඳවියන් ප්‍රවාහනය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසියද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව රහස් පොලීසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreදකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය දකුණු පළාතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත සහ සියලුම කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත යොමුකළ බව එම අමාත්‍යාංශය පැවසීය.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා හා තවත් කපු මහතාගේ කපු ධුරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කටයුතු කර තිබේ.
Read Moreකරුවලගස්වැව පොලිස් වසමට අයත් තබ්බෝව ජලාශයේ දිය නෑමට ගිය බව කියන ශීෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් 18 දින සවස දියේ ගිලී සිටියදී ගොඩට ගෙන රෝහල් ගතකරන විටත් අපවත් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී යැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
Read More