saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 1083 hours ago

LATEST

එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට අත් බෝම්බ ප්‍රහාරයක්

calendar_today 2024 මාර් 26 - 15:55 remove_red_eye - 283  

කඩවත ප්‍රෙද්ශයේ ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද 26 අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කළුතර නගර මධ්‍යයේ අද 26 දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය විකෘති කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු පළවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ තුළ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කාන්තාවන් තිදෙනකු රුපියල් 60000 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ජාතික අවම වැටුප රුපියල් 12500 සිට 17500ක් දක්වා රුපියල් 5000කින් හා ජාතික දෙනික අවම වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබි තිබේ.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඊයේ (25) රාත්‍රිෙය් විල්ගමුව පොලිස්ථානයේ අනුයුක්ත රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සතු ටී 56 ගිණි අවිය සහ පතුරම් සහිත මැගසීනය අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

Read More

ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝමයක් ගීත අතිශය ජනාදරයට ලක්විය.

Read More

ඔවුන්ගේ ශ්‍රමය සිරගත නොකොට පලදායී කටයුත්තකට යොදවා ඔවුනට බන්ධනාගාරය තුළදීම ආදායම් මාර්ගයක් සැලසීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂිත බව ඒ මහතා පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 975ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා ඒ බව සඳහන් කළේය.

Read More

කිතුනුවන්ට විශේෂිත වූ මහ සිකුරාදා දින සහ පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානයන්හි පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි

Read More

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 10,000ක මුදල ලබන අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (25දා) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම පිළිබඳව අද (25දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

Read More

රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර තිබෙන නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු හදිසියේ රෝගිවී මියයාමත් සමග එම විශ්වවිද්‍යාලයේ සිසුන් අද (25දා) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයට ඇතුළු වන දොරටු වසා දමා ඒ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අතර උපකුලපතිවරිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව විරෝධතාව අත්හැර දැමූහ.

Read More

100%ක් හිරු එළියෙන් ක්‍රියාත්මක බීජ වියළීමේ නව පද්ධතියක් හඳුන්වා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය කටයුතු කර තිබේ.

Read More

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කරන ලද ජනාධිපති කොමිෂම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු මහත්වරුන් සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශයන් බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවන් නිකුත් කළේය.

Read More

රාජ්‍ය අමාත්‍ය සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

Read More

නඩු ගොනුවක ලේඛණයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට නීතිඥවරියකට එරෙහි නඩුව අවසන් වනතුරු ඇගේ නිතිඥභාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළේය.

Read More

බස් රථවල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, සංවිධානාත්මක ගැබිණි කාන්තා කල්ලියක සාමාජිකාවන් තුන්දෙනෙකු රුපියල් ලක්ෂයකට වැඩි හෙරොයින් මත්කුඩු , කොල්ලකන ලද ලක්ෂ දෙකකට ආසන්න රන්මාලයක් සහ මුදල් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් - අහමඩ් අල් - ජාබර් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය .

Read More

අටමස්ථානාධිපති නාහිමිපාණන් විසින් මීට පෙර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් කල ඉල්ලීමකට අනුව, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරිණි.

Read More

නැහෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25දා) සිදු කෙරිණි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 328කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කරන තෙක් අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණයකදී දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල මඟින් වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට යොමු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

Read More

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කරසිටියේ අද දින (2024.03.25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (25) පෙරවරු 10.45 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.