saravita-anim2

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා

Latest News - timelapse 1041 hours ago

LATEST

අවුරුදු කාලයේ ආරක්ෂාව තහවුරු කරන්න ජනපති උපදෙස්

calendar_today 2024 අප්‍රේ 04 - 21:09 remove_red_eye - 99  

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද,

Read More

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් වළල්ලක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමනු ලබන අයි.සී.සී. මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නමද නිර්දේශ වී තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි දක්වා කාලය තුල ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා මහා පරිමාණයෙන් සිදුකරන මත්කරල් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු මත්කරල් හැත්තෑ හයදහස් නවසිය අසූවක් සහ කේරල ගංජා කිලෝවක් සමග අද (04) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි .

Read More

“පසුගිය වසරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා.

Read More

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් හෙට (5) අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

Read More

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළඹෙන 18වැනිදා පෙරවරු 10.16ට යෙදී ඇති පැළ සිටුවීමේ නැකතේදී, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් මෙවරද ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

“අද ගුරුවරුන් 2320ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා

Read More

ජාතික කාලගුණ විදයා මධ්‍යස්ථානයේ අද දින මධ්‍යහන්‍ 12.00 ට නිකුත්කරන්‍ ලද කාලගුණ වර්තාව අනුව

Read More

ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් මාරතු 30දා එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

Read More

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනුකළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.නන්දසේන මහතා (69) හදිසි රෝගාබාධයක් හේතුවෙන් අද (04) උදෑසන අභාවප්‍රාප්ත විය.

Read More

ශ්‍රී ලංකා නැව් සංස්ථාව සඳහා 2023 වර්ෂය වන විට මෙරට රාජ්‍ය ආයතන 22ක් සහ අර්ධ රාජ්‍ය ආයතන 48කින් රුපියල් කෝටි 152කට අධික මුදලක් (1,525,359,729) ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කොට තිබූ නවතම විගණන වාර්තාවක සඳහන්වේ.

Read More

විදුලි සන්දේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස 09 ක කාල සීමාව තුළ දී රුපියල් බිලියන 13.8 ක් දක්වා 29.4% කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක සඳහන් වේ.

Read More

ඉන්දීය ධීවරයන් උතුරු - නැගෙනහිර සිදු කරන නීති විරෝධී මත්ස්‍ය අස්වනු නෙළීම නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 02ක පමණ ආදායමක් අහිමි වන බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදුඋත්සවය වෙනුවෙන් මේ මස 10වන දින සිට 15වන දින දක්වා කාලය තුළදී ප්රුධාන දුම්රිය මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ විශේෂ දුම්රියන් ධාවන කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

Read More

මෙරට තුළ ඉහළ ලවණතාවෙන් යුත් කුඹුරු අක්කර ලක්ෂ 02ක චීනයේ ’සී රයිස්’ ප්‍රභේදය වගා කිරීමට නියමිත බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (03දා) පැවති වැඩසටහනකදී අනාවරණය විය.

Read More

ඕනෑම විවාදයක් පිළිබඳ අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

වසර 05ක කාලයක් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවාගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වරම මහමොළකරු පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබුවේ ඔහුට වාසිදායක මැතිවරණයක් ආසන්න කාලයක් නිසා බව ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඒ මහතාගේ කිසිදු සහායක් නොලැබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රමින්ද්‍ර වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා) දැනුම් දුන්නේය.

Read More

ගුවන් මගීන්ගේ ඉල්ලුමට අනුව ශ්‍රී ලංකන් සමාගමට තවත් ගුවන්යානා 10ක පමණ අවශ්‍යතාවක් තිබෙන බවත් කල් බදු ක්‍රමයට ගුවන්යානාහතරක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණත් දැනට තිබෙන තත්ත්වය අනුව ලබාගත හැක්කේ ගුවන්යානා දෙකක් පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන්සේවාසමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා සඳහන් කළේය. කල් බදු ක්‍රමයට ගන්නා එක් ගුවන්යානයකට ඩොලර් තුන්ලක්ෂ හැටදහසක් මාසයකට ගෙවීමට සිදුවන බවත් දැනට තිබෙන සමහර ගුවන්යානාවලට මාසයට ඩොලර් හත්ලක්ෂ පනස්දහසක් පමණ ගෙවන බවද පව

Read More

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.