අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි දේශපාලන කටයුතු එක්ව සිදු කිරීමේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් අද (28දා) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘අද’ පුවත්පතට පැවසීය. එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
Read Moreළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More- මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට්ටුවකින් නිකුත් කෙරේ - වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ - ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන් - වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ - ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත්වීමට සිදුවේ
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.
Read Moreඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක් ලබා දීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා මහතා සඳහන් කළේය.
Read Moreවසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) ක්‍රියාත්මක වේ. ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා - ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි
Read Moreදිස්ත්‍රික්ක 15 ක් තුළ තිබෙන වී ගබඩා 84ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් භාවිතයට සුදුසු අයුරින් යථාතත්වයට පත් කිර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
Read More2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
Read Moreජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ වටිනා ගස් 90ක් නීති විරෝධී අයුරින් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ වතු කළමනාකාරවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකළ බව පොලිසියය කියයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය.
Read Moreකෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ් රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී ඊයේ (26)දා අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි .
Read Moreහිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.
Read Moreවී කිලෝවක් වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ යුතු සහතික මිල ප්‍රකාශ කිරීම පමා කරන්නේ හිතා මතාම යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.
Read Moreවී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read More2024 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකය සම්මානය ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඕමර්සායි දිනාගෙන තිබේ.
Read Moreමහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.
Read Moreබද්දේගම නාගොඩ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් කැප්පිටියාගොඩ අඟුරුවල පාලමෙන් පහළට ඇද වැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නාගොඩ පොලීසිය පවසයි .
Read Moreජනවාරි මාසයේ මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 177043ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට 8000ක අගයක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙහි වර්ෂයකට මත්පැන් හේතුවෙන් පුද්ගලයන් 20000ක් පමණ මිය යන බවත්, ඒ හේතුවෙන් දරුවන් 40,0000 ක් පමණ අසරණ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර, දුම් කොළ, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝගය කර තිබේ.
Read Moreසුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමේ සිදුවිමට අදාළව අවුරුද 48ක කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සිදුවිමට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Read Moreමුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙනවිත් තිබේ.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුසිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 180 කට අදාළව රුපියල් මිලියන 498.7 ක මූල්‍ය වංචාවන් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read More2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසුව පසුගිය 2024 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් 31 දක්වා මාස (09)ක කාලසීමාව තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 264ක් දක්වා ඉහල යාමක් සිදුවී ඇති බව වැවිලි හා පරිසර ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් එස්. චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.
Read Moreරුපියල් මිලියන 15,823 වටිනා විදේශීය රාජ්‍ය ණය රාජ්‍ය මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ මගින් 2025/01/25 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි’
Read Moreකඩිනමින් සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවත්, දුෂ්කර සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ දුෂ්කරතාව දරාගෙන ඊට ගතවන කාලයත් සමග සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා දුර ගමන් සේවා සඳහා නව දුම්රිය ධාවනයට එක්කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව දුම්රිය ධාවනයට එක්කර තිබේ.
Read More