මෙරට බන්ධනාගාර තුළ සිටින ඇති ඉඩ ප්‍රමාණයට රඳවා තබා ගත හැකි රැඳවියන්ට ප්‍රමාණය 11000ක් වුවත් මේ වන විට රැඳවියන් 29 800ක් රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා රේන්ජ් රෝවර් රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා ඊයේ (17) මගේ රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය
Read Moreඇමෙරිකාවේ වොෂින්ටන් හිදී මෙවර අති උත්කර්ශවත් බක්මහ උළෙල 02 ක් පැවැත්වින. ’’බෙතෙස්ඩා අපි’’ සංවිධානය කල උළෙල ගෙදර්ස්බර්ග් හිදීත් ’’ශ්‍රී ලංකා එසෝෂියේෂන් වොෂින්ටන් DC’’ උත්සවය ඩමස්කස් හිදීත් පැවැත්වින.
Read Moreනින්ජා වෙස් ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාල වයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපළ සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
Read Moreමාතලේ කොට්ඨාශ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සේවයේ නියුතු වූවන්ගේ දරුවන් දෙමාපියන් එක්ව සංවිධානය කල දිය මත අවුරුදු උළෙලක් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේදී අප්‍රේල් 17 දින දවස පුරා පැවැත්විණි
Read Moreනියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුල දී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට අදාල වෙඩික්කරු හා පැදිකරු ප්‍රවාහනය කිරිම හා මේ ද්විත්ව මනුෂය ඝාතනයකට ආධාර අනුබල දුන්, සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත් ද්‍රවය ජාවාර කරුවෙකු වන ජයලත් සුද්දා හා සමන් කොල්ලා යන අයගේ සමීප ගෝලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇති බව පිටිගල පොලීසිය කියයි.
Read Moreකළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට ප්‍රයේශයේ නිවස දිංචිව සිි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් නිවස ආසන්නයේ දැඩි දුගදක් හමන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් මත කළුතර දකුණ පොලීසිය විමර්ශනයක් ආරමභ කර තිබුණි.
Read Moreකුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍ර දේශයේදි පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට පයින් පහරදීමක් හේතුවෙන් බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreමේ වසරේ මුල් සති 14 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යා 700,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි 01 දා සිට අප්‍රේල් 15 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 718 315කි.
Read Moreවිදුලි සැර වැදීමෙන් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඊයේ (17) රාත්‍රි 10 ට පමණ මතුගම යටදොළවත්ත පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එන ලදී.
Read Moreදුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රියෙල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව තිබෙන බවත්, මේ නිසා දුම්රිය මර්ගවලටත් හානි සිදුව තිබෙන බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඉන්ජිනේරු දීමනා , දිරි දීමනා, තාවකාලික දීමනා, සුදුසුකම් පදනම් කර ගත් දීමනා, ඇතුළු දීමනා සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා රුපියල් මිලියන 417.65ක මුදලක් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අප්‍රේල් මස 12 වැනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreතක්කාලි. අමු මිරිස් ඇතුළු බොහෝ එලවලුවර්ගවල මිල දිගින් දිගටම පහල යාම නිස ව වගා කටයුතු සිදුකිරිමට වියදම් කල මුදලවලත් සොයා ගැනිමට නොහැකි වි තිබෙන බව ගොවිජනතාව සදහන් කරයි
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කරුණු විමසීම සඳහා ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
Read Moreපාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්,එහි මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම තම ආණ්ඩුවක ප්රමුඛ කටයුත්තක් බව ජාතික ජනබලවේගය පවසයි.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර 05ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා සිදු කරනු ලබන සියලු වැඩ කටයුතු ආධ්‍යාත්මික පසුබිමක් අනුව සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලනමය පැතිකඩක් ලබා දීමට බලාපොරොත්තු නොවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අලුත් අවුරුදු දින තුන තුළ පැමිණි නරඹන්නන්ගෙන් රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා ඇතැයි දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය සඳහන් කරයි.
Read Moreඉදිරියේදී මෙරටට හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) ආනයනය කරන්නන් තමන්ට ලබා දෙන එම කෝටාව තීරණය කිරීම සඳහා අනිවාර්යයෙන් පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බව පරිසර අමාත්‍යාංශය පවසයි.
Read Moreකොළඹ වීදී ආහාර අලෙවි සැලකදී කොත්තු රොටියක් මිලදී ගැනීම ප්රතික්ෂෙප කළ විදේශිකයෙකුට බැන තර්ජනය කර අඩත්තේට්ටම් කළ කොළඹ අලුත්කඩේ වීදී ආහාර අලෙවි කරන්නා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන කටයුත්තක නිරත වී ඇති බව සෛල්වත්ත පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නේය.
Read Moreහික්කඩුවේ දෙස් විදෙස් සංචරකයන්ගේ ආකර්ශණීය ස්ථානයක් ලෙස හදුන්වන හික්කඩුව පන්නන්ගොඩ දැකුම් කළු වෙරළ තීරය ආසන්නයේ දැනට සතියකටත් වැඩි කාලයක් තිස්සේ සිට ගොඩ ගසා ඇති කසළ කන්දයි මේ.
Read Moreරාජකාරී කටයුත්තක් සඳහා ගිය ගාලදිවුල්වැව පොලිසියේ සැරයෙන් වරයෙකුට අතින් පයින් පහරදී තුවාල සිදු කල, වවුනියාව පොලිස් පොලිස් ගරාජයට අනුයුක්තව රාජකාරී කරන සැරයන්වරයෙකු සහ ඔහුගේ පුතා ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.
Read Moreයාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් පණිප්පුලම් ප්‍රදේශයේදී මවකට හා දියණියකට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකලෙයි යැකකෙරෙුණු තරුණයෙකු එම ප්‍රදේශයේම ගෙලවැලලාගෙන මිය ගොස් සිටියදී ඊයේ (16) දින සිරුර හමු වූ බවට පොලීසිය පැවසීය.
Read Moreකොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
Read More2024 වසරේ පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් බිලියන 29,629.9 ක් ලෙස වාර්තා වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5.3% ක වර්ධනයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නවතම දත්ත වාර්තා නිකුත් කරමින්පැවසීය.
Read Moreමධ්‍යම රාත්‍රී දොළහට පමණ නිවස පිටුපස දොරවල් දෙකක් කඩාගෙන නිවස තුළට ඇතුළු වී තිබූ කොල්ලකරුවන් දෙදෙනා වයෝවෘද්ධ යුවළගේ මුහුණු සහ අත් පා ගැට ගසා කාමරයකට දමා පුරා පැය දෙකහමාරක ආසන්න කාලයක් නිවස තුළ රැඳෙමින් වටිනා දේපළ සොයමින් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහු විසින් රජයට භාර දී නොමැති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම වාහන දෙක පරිහරණය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළ බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ හා බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපොළ අතර නව ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරිමට ෆිට්ස් ගුවන් සේවය කටයුතු කර තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතය.
Read Moreප්‍රවීණ කලාකරුවෙක් වන රෝහන බැද්දගේ මහතාගේ සූර්ය මංගල්‍ය ගිතය විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More