තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලා සිටියි.
Read Moreපිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බි්රගේඩියර්වරයකුට සහ හමුදා සෙබ|ළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත්කර ඇති වාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන 02 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (29) නියම කළේය.
Read Moreපසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreසංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.
Read Moreසක්‍රිය වී ඇති ඇල්ල කරදගොල්ල නායයාම සම්බන්ධ භූමිය මතුපිට ඇති ජලය ඉවත් කිරීම හා එම ජලය බැස යාම ක්‍රමවත් කිරීමේ කටයුතු සඳහා අද 29 යුද හමුදාව ඇතුළු සහන සේවකයින් යෙදවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreමේ මහ බැංකු වාර්තාවේ පෙන්නනවා 2007පැවති උපත් අනුපාතය නැතිනම් උපත් වර්ධන වේගය 1.93%යි. හැබැයි ඒක 2023 වෙද්දී 1.12% දක්වා පහතට ඇවිල්ලා. අනිත් පැත්තෙන් මරණ. 2007දි 0.59% වූ මරණ අනුපාතය 0.82% දක්වා වැඩිවෙලා තියෙනවා. මේ අතරේ තමයි තරුණ පරපුර රට අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. රටේ රැඳිලා ඉන්නේ වැඩිහිටියෝ වීමත් මීට බලපානවා. එවිට උපත් ඇතිවීම අඩුයි, මරණ ඇතිවීම වැඩියි.
Read Moreකොළඹදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් 25 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 757000 ඉක්මවා පැමිණ ඇති බවත් එය ලංකාවේ විදේශ සංචිතය ඉහළ යාමට හේතුවක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreප්‍රමාණවත් සාක්ෂි නොමැතිව තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට නොහැකිබවට නීතිපතිවරයා වසින් ලබාදුන් උපදෙස්මත ඉකුත් කොවිඩ් සමයේදී සුරතලයට නිවසක ඇතිකළ සුනඛයෙකු වෙඩිතබා මරාදැමූ බවට චෝදනා ලැබූ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකුට එරෙහිව පවරා තිබු නඩුවෙන් විත්තිකරු නිදොස්කොට මුදාහැරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද 29 දින නියෝග කළේය.
Read Moreපුද්ගලයන් 500 කින් එක් අයෙකුට පමණක් පිහිටන විරල තත්වයක් වන වකුගඩු දෙක යටින් එකට බද්ධ වූ පුද්ගලයෙකුගේ වකුගඩු දෙකේම හටගත් ගල් නවතම තාක්ෂණය යටතේ ඉවත්කිරීමේ සුවිශේෂී සැත්කමක් පසුගියදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකෙරිණි.
Read Moreඅම්බලන්ගොඩ ධීවර වරායේ ගල් වැටි උඩින් මුහුදු රළ අද(29) පස්වරුවේ වරාය තුළට හදිසියේ කඩා වැටීමත් සමග ගාල් කර ඇති ධීවර යාතා දැඩි අනතුරකට මුහුණදී ඇතැයි ධීව කියති.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්රයෙන් පහත වැටෙද්දී දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
Read Moreදැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි ද්‍රවිඩ ජාතික පිරිමි ළමයෙකු එරටට රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු 04/26 දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
Read Moreයුක්තිය මෙහෙයුම යටතේ බෙම්මුල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපල බව කියන බස් රථ දෙකක් , ගම්පහ ලංගම ඩිපෝවට බාර දෙන ලෙසට ගම්පහ අධිකරණය මගින් නියෝග කිරීම මත එම බස්රථ ඩිපෝවට බාරදීමට පියවර ගෙන ඇත.
Read Moreඅවුරුදු උත්සවයක් පවත්වාගෙන යන මුවාවෙන් පාසල් නොගොස් උසස් පෙළ සිසු,සිසුවියන් මුහුණු පොතෙන් සංවිධානය කොට අද(29) අම්බලන්ගොඩ දෙල්දූව පදේශයේ හෝටලයක පැවැත්වීමට තිබූ මිතුරු සාදයක් විසුරුවා හැරීමට පියවර ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreඅරගලය වෙලාවෙ පොලිසිය දුන්න රිපෝට් එකක් තියෙනවා ගෙවල් වලට කඩා වැදුණු පිරිස් මුලින්ම කඩල තිබුණේ ටොයිලට් අද වන විට පාසැල් පද්ධතිය තුල ගල් දාලා හිර කරලා කඩල බිඳල දාන්නේත් ටොයිලට් ලංකාවෙ විමධ්‍යගත අරමුදල් වලින් පාරවල් වලට අමතරව වැඩිපුරම හදන්නේ ටොයිලට්.
Read More“රටේ ආර්ථිකය පොහොසත් කරන්න නම් අපි අධ්‍යාපනයෙන් දරුවන් පෝෂණය කල යුතුයි.රජයකටවත් කරනන අපහසුයි.දරුවන් පරිගනක දැනුමින් පෝෂණය කිරීම.හැබැයි මම ඒක කරලා පෙන්නුවා. ඒක 2012 ආරම්භ කලේ ඡන්දය බලාපොරොත්තුවෙන් නොවේ.ඒත් සියයට පනස් එක තියනවා කියලා දකින වෙලාවට අනිවාර්යෙන්ම මා ඡන්දයට ඉදිරිපත් වෙනවා.”
Read Moreදිවයින පුරා විසිරී සිටින කජු ආශ්රිත කර්මාන්තයේ නියැලී සිටින ව්‍යවසායකයන් ලියා පදිංචි කිරීමට ශ්‍රි ලංකා කජු සංස්ථාව තීරණය කර තිබේ.
Read Moreමෙරට ජනගහණයෙන් 10%-15% අතර පිරිසක් ඇදුම රෝගය හේතුවෙන් පීඩා විඳින බව ආනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මහතා සඳහන් කරයි.
Read Moreමැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී ඇති බවත් ඒ සම්බන්ධවෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
Read Moreගාල්ල මාතර මාර්ගයේ පඹුරන ප්‍රදේශයේදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනයවු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ඊයේ (28) රාත්‍රි සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති බව මාතර පොලීසිය කියයි. අනතුරින් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සදහා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක්වු මාතර, වල්ගම ප්‍රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකී. රාජකාරි නිමාකර නිව
Read Moreඅද දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2024 වර්ෂයේ මැයි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ ගෙවිය යුතු දේශීය මුලු ණය රුපියල් බිලියන 3732ක් පමණ වෙන බව 2024 අප්‍රේල් මස 28 වන දින ප්‍රකාශයට පත් කොට ඇති මධ්‍යම බැංකු වාර්තාව උපුටා දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
Read Moreමනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නේවි රුවන් නොහොත් ලෝකල් රුවන් නැමැත්තා අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreරජය නොමිලේ ලබා දෙන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13%ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreමිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයෙකු, කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පළා යාමට 04/27 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුල්ලේරියාව රූපලාවන්‍යගාරයක් තුලදි පොලිස් කොස්තාපල්වරියකට පහර දුන් කොස්තාපල්වරයෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
Read Moreපොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. මෙලෙස පලා ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
Read More