saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 873 hours ago

LATEST

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහනට වැය වන මුදල රුපියල් බිලියන 26ක්

calendar_today 2024 මැයි 12 - 17:37 remove_red_eye - 41  

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. රට

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබේ.

Read More

මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී හිටපු ජනපතිවරයා මෙම ඉල්ලා අස්විම ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇත බව වාර්තාවේ.

Read More

රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා සතු රිවෝල්වරය පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලන් ලැබි ඇතයි රත්නපුර පොලිසිය පවසයි’

Read More

කළුතර බන්ධනාගාරයේ රදවාසිටී තරුණ රැඳවියෙකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

Read More

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

බෝම්බ සහ ජීව උණ්ඩ තොගයක් ළදරු කිරි බෝතල් බහාලුමක සඟවාගෙන සිටි වැලිපැන්න නවුත්තුඩුව කොලහෑකඩ ප්‍රදේශයේ සංචාරක මාර්ග උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

Read More

තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කිරිමට අවසර නොදෙන බවත් මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

තායිලන්ත රජුගේ උපන් දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධාගමිකයන් වෙනුවෙන් ඉදිරි ජුනි මාසයේදී දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ලබා දීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද 05/11 දින එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

Read More

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

Read More

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක්. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි- ජනපති.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේදි කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා ඉහළ නැංවිමට දැනට යෝජනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු- මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවම් වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. 5 කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් 10 දින රාත්‍රී දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

Read More

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Read More

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වී ඇති නාය යාම දැනට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ තව දුරටත් සක්‍රීය වීම. නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති හෙයින් ආරක්ෂිත උපදෙස් ක්‍රියා මාර්ග ගන්නා ලෙසට අදාළ වගකිවයුතු සියලුම අංශ අද (10) පස්වරුවේ දැනුවත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්‍යඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවාය .

Read More

සම්මානනීය පුවත්පත් කතුවරයකු මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙස දසක පහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටි ඒ.ඩී. රංජිත් කුමාර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය.

Read More

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා

Read More

අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.

Read More

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10දා) දකුණු ආසියානු කලාපයේ සංචාරයක් ආරම්භ කිරිමට නියමිතය.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, නැවගනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ මාතවේ, මුලතිවු සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද 05/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විදේශගතව සිට්න සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (09) උදෑසන යළිත් දිවුරුම් දුන්නා.

Read More

බොරතෙල් බැරලයක මිල 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.28 දක්වා 17.0% කින් පහළ ගොස් ඇති බව 2024/05/06 දින නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Read More

2023.01.01. සිට 2024.01.01 දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 214ක් ලබා දී ඇති බවත්, එයින් බලපත්‍ර 147ක් ලබා දී ඇත්තේ සංචරක කර්මාන්තය සඳහා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.