saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 836 hours ago

LATEST

මිල්කෝ දෛනික කිරි නිෂ්පාදනය සියයට 100කින් ඉහළට

calendar_today 2024 මැයි 20 - 20:51 remove_red_eye - 399  

පරිපාලන දුර්වලතා හේතුවෙන් පසුගිය සමයේ ලීටර 65,000 ක්ව තිබූ මිල්කෝ සමාගමෙහි දෛනික දියර කිරි නිෂ්පාදනය මේ වනවිට ලීටර 140,000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික ගුරුගේ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) අහමෙදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ පරීක්ෂාවකදී ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය (20දා) වාර්තා කළේය.

Read More

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව එම බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව ජූනි 6 වෙනිදා නායකයන් අතර විවාදය පැවැත්විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read More

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙීපොල, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හෙට දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අද දින 20 ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් අහිතකර කාලගුණ තත්වයන් යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරම්භ නොකළ අතර දිගින් දිගටම පවතින වර්ෂාව සහිත කාගුණ තත්වයන් හමුවේ හෙට 21 දිනයේද එම පාසල් විවෘත නොවන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ඒ. එම්. පී. ජයතිලක මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Read More

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10% ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

Read More

“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනපතිවරණ සටන පැවැත්වෙනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල් කාන්ත මහතා පැවසිය.

Read More

මේ දින වල පවතින වර්ෂා අධික කාළගුණය හේතුවෙන් වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි අලෙවිකර ගැනීමට අපහසු වීමෙන් තමන් අසරණ වී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

Read More

රුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද(20) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙයි.

Read More

වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ළමුන් 2000 කට ආසන්න පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

කවරක්කුලම පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන, උප පොලිස් පරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

Read More

නේපාල ජාතික කාන්තාවක රැදීසිටී හෝටල් කාමරයට ඇතුල්වී උල් ආයුධයක් පෙන්වා බියගන්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 දා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකල වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කුබුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවිමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

ඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.

Read More

පුත්තලම නගරයෙ දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින රාත්‍රියේ සමත් වි තිබේ.

Read More

ඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.

Read More

ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ඉරාන ජනපතිවරයා අතුරුදන්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.

Read More

ජුනි මස මුල් සතියේ සිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව. බරපතල රෝගාබාධ සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා ප්‍රතිලාභ.

Read More

සමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සමගි ජන බලවේගය දින කීපයක් අද (19)යෝජනා කරමින් ජාතික ජන බලවේගයට ඒ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන පෙර මෝසම් කාලගුණීක තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

Read More

ලෝකයේ දියුණු රටවල් දැනට භාවිතා කරන ඊ පාස්පෝට් ක්‍රමය තව මාස කීපයකින් පළමු වරට ලංකාවටද හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

තත්පර 10ට අඩු කාලයක දී කටේ දත් වලින් පොල්ලෙලි ගසන තරුණයෙකු අපට පදවිය බාලයාවැව ප්‍රදේශයෙන් හමුවිය. අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස් වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදු කරන තරුණයෙකි රාජපක්ෂ කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.