saravita-anim2

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 771 hours ago

LATEST

මස් හා මාළු මිල ඉහළට

calendar_today 2024 ජුනි 04 - 10:05 remove_red_eye - 366  

ඇතැම් ප්‍රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර, මීට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව රු.500-800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරි කාලයෙහි එළවළු මිල ඉහළ යෑමේ අවදානමක් පැවතුණද, කුකුළු මස් මිළ ඉහළ නොදැමෙන බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ඉලක්කය සපුරා ගෙන ඇති ඇත. අදානි සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 820ක ආයෝජනය සහ ඇ.ඩො. මිලියන 320ක් වටිනා තවත් ව්‍යාපෘති ගණනාවක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබේ.

Read More

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල් විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස් – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍ර‍ි ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබිය.

Read More

තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්,ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළට බහුතර ජනතා විශ්වාසය හිමිව තිබෙන බවත්, ඒ අනුව ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මේ මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

නොයෙකුත් උපක්‍රම යොදමින් මැතිවරණ කල් දැමීමට රජය පිඹුරුපත් සකසමින් සිටින බවත්, ඒ අනුව එය පරාජය කිරීමට විපක්ෂය එකා මෙන් සටන් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.

Read More

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව , අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි නව මුද්‍රාවක් මෙම ජූනි මස 01 දින අලුයම 00.00 පැයේ සිට මුළින්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ හදුන්වා දෙමින් ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (04දා) දින් සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2024.06.01 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුව දුක් විමසීමට ජනපති කොළොන්නාව, කැලණිය සහ අඹතලේ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස නිලධාරීන්ට උපදෙස්. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් සඳහා ද ඉඩ නොදිය යුතුයි. මුල්ලේරියාව සහ IDHරෝහල වෙනත් ස්ථාන‍යකට. ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින ජනතාවගේ නිවාස සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්. ආපදා තත්ත්වය පහව යන තුරු ජනතාවට අවශ්‍ය සහ

Read More

මේ මස පළමුවැනිදා සිට සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.

Read More

දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ අද (03)උදේ අම්පාර මහඔය බොරපොල විද්‍යාලයේ පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සක්වල වැඩසටහන වේදිකාවට ගොඩ වී ඇත.

Read More

අද (03) සවස පීලි පැණීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු අංක හත දරණ මගී දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

අනුරාධපුර නගරයේ, බැංකු පෙදෙසේ මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටා ඇති පෞද්ගලික මූල්‍ය ආයතනයක සේප්පුව කඩා දමා එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ තොගයක් සොරකම් කර රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (3 දා) උදෑසන විමර්ශන ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරණායක මහත්මිය පැවසුවාය.

Read More

ඒ අනුව සබරගමුව පළාතේ රත්නපුරය සහ කෑගල්ල දකුණු පළාතේ ගාල්ල සහ මාතර බස්නාහිර පළාතේ කලුතර යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොඳු ඇට පෙළ ඇදවීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන සිසුවෙකු උසස් පෙළ විෂයන් හැදෑරීමට එක් දිනක් හෝ පාසල් නොගොස් නිවසේ සිට තනිව පාඩම් කටයුතු සිදු කරමින් උසස් පෙළ විභාගය සමත්වීමට සමත්වකම් දැක්වීමේ පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් ඉදිරියේදී පාසල්වල ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ තාවකාලික පන්තිවලට අනුයුක්තව සිටින කාලය තුළ පැමිණි දින ගණනද උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී අවශ්‍ය සියයට 80 පැමිණීමේ ප්‍රතිශතය සඳහා සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ බීමතින් පැදවූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිව්වන උපදේශනය හා දෙවැනි සමාලෝනය ජූනි 12 දිනට යෙදී තිබෙන අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ.

Read More

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන්න – ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් ඉදිකිරීමට පියවර. සහන සැලසීම සඳහා ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම. ආරක්ෂිත මධ්‍යස්ථානවල රැදී සිටින සියලුදෙනාගේ ආහාර සහ සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට වැඩපිළිවෙළ සැකසේ. හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ සහන ලබා ගැනීමට 117 හදිසි

Read More

ඊයේ පටන් වරකාපොලට නොකඩවා ඇඳ හැලෙන වර්ෂාව හමුවේ වරකාපොල, මෙනේරිපිටිය නිවසක් මතට පස් කන්දක් නාය යාමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

බිමත්ව රිය පැදවිමේ වරදට මාස 4ක කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබයදී බස් රිය ධාවනය කරලා

Read More

විවේචන පහසුයි – විසඳුම් අසීරුයි රට ඉදිරියට ගෙන යාමේ නිසි සැලැස්මක් මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට නැහැ. පැරණි දේශපාලනයේ නිරත වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙන යාමට විකල්ප සැලැස්මක් තිබේ නම් ඉදිරිපත් කරන්න. නැතිනම් ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන්න – ජනපති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ අවස්ථාවේ දී කියයි.

Read More

තංගල්ල කොට්ටාශයේ පොලිස් ක්ෂණික විහිදුම් බලකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 01 දා සවස සූරියවැව හත්පහ හංදියේ සිදුකළ සෝදිසි මොහොයුමක් අතර අණ නෙතකා ධාවනය කරනු ලැබූ සැක සහිත යතුරු පැදි කරුවෙකුට හඹාගොස් වෙඩි තැබීමට පොලිසිය කටයුතුකර තිබේ.

Read More

ස්වාභාවික ආපදා සක්‍රීය වීම හේතුවෙන් අද පෙරවරුව දක්වා පසුගිය සති තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇතිවූ ආපදාවලින් දිවයිනේ පවුල් 3727 ක පුද්ගලයින් 11864 ක පිරිසක් පීඩාවට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (2දා) වන විට කළු ,කැලණි, ගිං, නිල්වලා ගංගා හතර පිටාර ගලන මට්ටමක පැවතින බව ජල හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිං ගඟේ මට්ටම ඊයේ දහවල් 12 වනවිට තවලම ප්‍රදේශයෙන් මීටර 8.35ක් ලෙස වර්ධනයවී මහා ගංවතුර තත්ත්වයක් දක්වා පත්ව තිබේ. එහි ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතී.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (01) වනදා සවස් කාලයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර ඇතුළු විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් අද (.02) දින වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 2575 ක, පුද්ගලයින් 9398 දෙනෙකු වෙත ආපදා තත්ත්වයන් බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් රත්නපුර ආපදා කළමනාකරණ කමිටුවේ සභාපති වසන්ත ගුණරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.