saravita-anim2

2024 නොවැම්බර් මස 27 වන බදාදා

2024 නොවැම්බර් මස 27 වන බදාදා

Latest News - timelapse 715 hours ago

LATEST

මිලියන 3250ක් වටිනා මත්කුඩු තොගයක් අත්අඩංගුවට

calendar_today 2024 ජුනි 16 - 16:37 remove_red_eye - 128  

බහුදින ධීවර යාත්‍රාවක සකස් කළ කුටීර තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් මිලියන 3250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131යි ග්‍රෑම් 754 සමග පුද්ගලයින් 06දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම්356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගැනීමට නාවික හමුද

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් සඳහන් කළේ ය.

Read More

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය.

Read More

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පැවැත්වෙන 2332 වන පොසොන් පිංකම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිඬුසිඟා වැඩම කළහ.

Read More

මෙවර පොසොන් සතිය මෙම මස 18 වැනිදා දින සිට 24 දින දක්වා පැවැත්වෙන බවත් ඒ සඳහා බැති සිතින් අනුරාධපුරයට පැමිණෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව අනුරාධ දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර මහතා පවසයි.

Read More

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය

Read More

රටේ ආර්ථිකය කඩන් වැටී ගැටලුවක් ඇති වී තිබෙන අවස්ථාවේ තවත් අත්හදා බැලීම් කිරීමට ගොස් ඉල්ලන් කනවා දැයි ජනතාව තීරණය කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

නඩු භාණ්ඩයක් ලෙස බෙන්තොට පොලීසියේ තිබූ වල්ලාපට්ට ගහක කොටසක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්‍යාලය කියයි.

Read More

කොළඹ කොටුවේ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබු අංක 1023 දරණ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමටකට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද (16) බාධා එල්ල වී පැවැතිණි.

Read More

සංගීත ප්‍රසංගයකදී තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් දෙවන පෙල ජේලර්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

Read More

කඳුකර කොටියෙකු නිවසේ ඇති කරන ලද සුනඛයෙකු ගොදුරු කර ගැනීම සඳහා කොත්මලේ, නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානයේ නිවසට පැමිණෙන අයුරු එම නිවසේ සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් තමන් බියට පත්ව ඇතැයි එම ගම්මානයේ වැසියෝ පවසති.

Read More

එදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ මතවාදීව ගැටලු තිබුණ .. අපගේ දේශපාලන මතය කඳවුරු දෙකක උවත්, ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ගෞරවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට හිමිවෙනවා...

Read More

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක් ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.

Read More

2024 වසරේ පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.6කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව පවසයි. 2023 පළමු කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථිකයේ හැකිලීම සියයට 10.7ක් විය.

Read More

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26-27 රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

Read More

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් දිය යුතු ප්‍රතිපාදන ලබා දුන්නා. රටේ ශක්තිය අධ්‍යාපනයයි – ජනපති.

Read More

ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් අවධානය.

Read More

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිලිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

Read More

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදු කල මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 6/13 අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළබෙන ජූලි මාසයේ සමීක්ෂණයක් හරහා සිය ජනප්‍රියත්වය මැණ බලන බවත් එහිදීත් ඔහුට හිමි වනුයේ තුන්වන තැන නම් ජනපතිවරණය සදහා ඉදිරිපත් නොවනු ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

බිළිදු මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශය අවට පිහිටි සියළුම රෝහල් සහ පොලිස් ස්ථාන දැනුවත් කල බවත්, බිළිදු මල සිරුරේ දෙමව්පියන් සෙවිම් කටයුතු දියත් කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

Read More

සමාජ මාධ්‍යයේ පලවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාල වල ආදායම සියයට පනහකින් අඩුවී ඇති බවට බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකොට ඇති ප්‍රකාශයට බස්නායකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සබරගමුව බුල්තුමේ මහා සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර මහතා දැඩි විරෝධයක් දක්වමින් එම සංගමයට ලිපියක් යොමු කොට තිබේ .

Read More

මීටියාගොඩ පොලිස්ය වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

Read More

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මැයි මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන මාසයේ ක්‍රිඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තේරී පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.