saravita-anim2

2024 නොවැම්බර් මස 27 වන බදාදා

2024 නොවැම්බර් මස 27 වන බදාදා

Latest News - timelapse 711 hours ago

LATEST

ඉන්දියාවේ අවසර නොලැබීමෙන් සලාමා සිසුවාගේ ලෝක වාර්තා සිහිනය බොඳ වෙයි

calendar_today 2024 ජුනි 17 - 16:19 remove_red_eye - 423  

ඉන්දියාවේ ධනුස්කොඩි වරායේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ලංකාවේ තලෙයි මන්නාරමට පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ගිය ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පහමි හසන් සලාමා සිසුවාට ඒ සදහා ඉන්දියානු රජයේ නිසි අවසරය අන්තිම මොහොතේ නොලැබිම නිසා තලෙයි මන්නාරමට ගිය පිරිසට ආපසු හැරි ඒමට සිදුවිය.

පානදුර නගරයේ සුපිරි රෙදිපිළි වෙළඳ සැලක් කඩා රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනාකමකින් යුතු නිමි ඇදුම් සොරකම් කල අඹුසැම් යුවලක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ඓතිහාසික දිඹුලාගල කඳුමුදුනින් හමුවූ ශ්‍රි ලංකාවේ විශාලතම සහ දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ විශේෂ කණ්ඩායමක් දින තුනක කාලයක් කඳු මුදුනේ දිවා රාත්‍රී ගත කරමින් කියවා අවසන් බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Read More

දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කරන මෙරට ජනතාව ආර්ථික විසඳුම් සෙවීම පිළිබඳ අවධානය යොමු කර නැහැ – ජනපති මන්නාරමේදී තරුණ සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පවසයි.

Read More

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩිපුරම රෝහල් වලට සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට පැමිනෙන්නේ මෙරට ජනතාව බවත්, මිලියන 55 ක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමටත්, තවත් මිලියන 55 පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවත්, ‍එලෙස විශාල ලෙස ජනතාව රෝහල් වලට පැමිනීමෙන් පෙනී යන්නේ මෙරට ක්‍රියාත්මක රෝග නිවාරණ අංශයේ සහ රෝහල් වල ලබා දෙන ප්‍රතිකාර වල යම් ගැටලු සහගත තත්ත්වයක් බවත්, එම නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සහ රෝගීන්ට රෝග

Read More

නෙදර්ල්න්තය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම වගකිම් ඉටු කළ බවත් චරිත් අසලංකද තම දක්ෂතාව ඔප්පු කළ බවත් ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග පවසයි.

Read More

කළුතර හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස්

Read More

ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

Read More

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ( 2024 Asian Throwing Championships ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

හැත්තෑ හැවිරිදි සිය පියාට පහරදුන් විසි නව හැවිරිදි දියණියක් සම්බන්ධයෙන් නාඋල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල විට නාඋල වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍යාමලි විජේරත්න මහත්මිය සැකකාරිය ලබන බදාදා19දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට පසුගිය 16දා නියෝග කලාය.

Read More

විස්සයි 20 පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලකුණු නොලබා (එනම් ලකුනු බිංදුවට) වැඩිම වාර ගණනක් දැවි ගිය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක අද වාර්තා අතරට එක්විය. ඒ නෙදර්ලන්තය සමග පැවැති තරගයේදීද දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි යාමත් සමගිනි.

Read More

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා සිට දක්වා රජය විසින් රුපියල් බිලියන 3,380ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ලබා ගෙන ඇති බව ජුනි මස 13 වැනිදා නිකුත් කරන ලද මහ බැංකු විශ්ලේෂණ වාර්තාවක් මගින් අනාවරණය වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පෙරේදා (15දා) පැවසීය.

Read More

බිත්තරයක සිල්ලර මිල යළිත් ඉහළ යමින් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක්ද පවතී. තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ක් දක්වාත් බෝංචි කිලෝවක මිල රු.1000 දක්වාත් ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වාත් අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 500 ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

Read More

කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී

Read More

පසුගිය 15 වන දින අලුයම 2.30 ත්,පෙරවරු 8.30 ත් අතර සිදුවී ඇතැයිද සොරා එම කාර්යාලය ඉදිරිපස දොරේ විදුරු බිදදමා ඇතුලුවී කාර්යාලයේ ගබඩා කාමරයේ තිබූ උදෑල්ලක් හා අලවංගුවක් ගෙන

Read More

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සංචාරය ජයග්‍රහණයකින් අවසන් කිරිමට ශ්‍රි ලංකාව අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය ලකුණු 83කින් ජය ගනිමිනි.

Read More

මෙරටට නිදහස ලැබීමටත් පෙර 1877 සිට 1957 වර්ෂය දක්වා ඉකුත් වසර 80 ක කාලය තුළ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157 ක් අස්ථාන ගත වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජුනි මස 14 වන දින වතම විගණන වාර්තාවක සඳහන්වේ.

Read More

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන දින වකවානු සහ ගමන් කරන මාර්ග මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නොතිබියදී ඇතැම් සංචාරක නියෝජිත ආයතන පෙරහර මාර්ග වල ඇති සඳළුතල සහිත හෝටල් කාමර සහ පෙරහර ආසන ඉතා අධික මිල ගණන් වලට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ මේ වන විට අලෙවි වෙමින් පවතී.

Read More

මෙරට තෙවැනි ජාතික රෝහල ලෙස එළඹෙන ජූලි මසදී ගාල්ල කරාපිටිය රෝහල නම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් ඉකුත් සිකුරාදා සිට ස්ථිර සේවකයින් ලෙස පත්කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිණි.

Read More

මිහින්තලේ විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලේ නාහිමියන් විසින් ඉතා සුහදව පිළිගෙන මෙවර පොසොන් උත්සවය සඳහා අවධානය යොමු කිරීම පිළිබඳව ස්තුතිය පල කලහ.

Read More

කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් රාජධානිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක සහ ඇයට මෙම ගුවන් ගමන සදහා සහාය වෙමින් සිටි තැරැව්කරුවෙකු ද කටුනායක ගුවන් තොටුපොළේ දී 06/15 දින රාත්‍රී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.

Read More

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අළෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින් බවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවයක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම

Read More

’’ආනයන සීමාවකට මේ වන විට යටත්ව ඇත්තේ වාහන ආනයනය පමණක් බවත් 2023 පළමු කාර්තුවේදී ඍණ සියයට දහයකින් ආර්ථිකයේ හැකිලීමක් ඇතිවූ අතර මේ වනවිට එය සියයට 5.3ක ආර්ථික වර්ධන වේගයක් ඇති වී තිබෙනවා. එහි ප්‍රතිලාභ සමාජයේ සියලු දෙනාට එක හා සමානව එම ප්‍රතිලාභය ලබා දිය යුතුයි. මේ වන විට රජය සංචිත ප්‍රමාණය රුපියල් බිලියන පහක සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා, 2025 වර්ෂය වන විට පෞද්ගලික වාහන සඳහා පවතින සීමා ඉවත් කිරීම

Read More

බහුදින ධීවර යාත්‍රාවක සකස් කළ කුටීර තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබු රුපියල් මිලියන 3250 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 131යි ග්‍රෑම් 754 සමග පුද්ගලයින් 06දෙනෙකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම්356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ තිරයේ දි අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබුණී. නාවුක සැතපුම් 356ක දුරකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදුවී ඇත.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වන අතර ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව පැවසූ අමාත්‍යවරයා විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බවත් එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් සඳහන් කළේ ය.

Read More

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 06/15 දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කොට සිදුකළ අනතුරකදී ඝාතන 07ක් කිරීමට සෘජුවම දායක වූ රියදුරෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 03ක් යටතේ වසර 17ක බරපතල වැඩ ඇතුව සිරදඩුවමක් සහ රුපියල් 56800 දඩමුදලක ගෙවීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපරනා සුවන්දුරුගොඩ මහත්මිය 14දා තීන්දු කළාය.

Read More

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පැවැත්වෙන 2332 වන පොසොන් පිංකම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිඬුසිඟා වැඩම කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.