ඇල්පිටිය අලිකෑහේන පාර, තලාව පදේශයේ පදිංචි පුද්ගලයකු නිවසට ගිණි තබා ඔහුත් එම ගින්නෙන් පිළිස්සී අද(20) අලුයම්කාලයදේ මරුමුවට පත්වී ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
දෑස් අන්ධභාවයෙන් යුත් තමන් වහන්සේ දුක් මහන්සි වී වගා කරන ලද නාරං වගාවේ අස්වැන්න සොරුන් විසින් කඩා ගෙන ගොස් ඇතැයි නාවලපිටිය, නව තිස්පනේ, හුණුගල්ඔය, රජවත්ත ශ්‍රී ඥානෝදය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය හපුවල විමලානන්ද හිමියන් පවසයි.
Read Moreමධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක්ගතවී ඇතත්ඒ සඳහා මෙතෙක්ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා හා පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක පත් කිරීමට ඊයේ (19)පැවැති ශ්‍රිලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreදෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19දා) තීරණය කළේය.දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
Read Moreඋසස් පෙළ සිසුන්ට සහ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහන ඇරඹේ. සංකේතාත්මකව සිසුන් 5108කට අද දින ශිෂ්‍යත්ව. එම අවස්ථාවේම හිඟ වාරික ද සමඟ ශිෂ්‍යත්ව මුදල් සිසුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරේ. ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙම වසරේ දී රුපියල් බිලියන 04ක්.
Read Moreකඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපතිගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වුණා – පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්. අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකි අතර ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි – ජනපති “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් පවසයි.
Read Moreනීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන නිරූපණ ශිල්පි පියුමි හංසමාලීගේ බැංකු ගිණුම් 19ක් පිළිබඳ තොරතුරු රහස් පොලිසියට දීමට වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රාජ්‍ය බැංකු ඇතු`ථ බැංකු 08කට අද(19) නියම කළේය.
Read Moreධාතුසේන මහ රජතුමා විසින් ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය 19 දින ඉපලෝගම පොලිසියට පැමිණිලි කොට තිබේ.
Read Moreශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම 06/19 දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
Read Moreඋතුම් පොසොන් පොහොයේ වැදගත්කම කෙලෙසන හොල්මන් මන්දිර ප්‍රදර්ශන වහා තහනම් කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් ආර්.ඇම්.පී.රත්නායක මහතාගෙන් ඉල්ලා අස්ගිරි පාර්ශවයේ පුත්තලම් මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් 2024.06.17 දාතමින් ලිපියක් යොමුකොට තිබේ.
Read Moreවිදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
Read Moreකණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා විස්සයි විස්ස ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බවත් වනිදු හසරංග අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය.
Read Moreනව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මේ වසරේ ජුලි මාසයේදි ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් ALTNA යන නම යොදාගෙන තිබේ.
Read Moreරටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read Moreරේගු බදු නොගෙවා මෙරටට ගෙන්වු ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලබන ජුලි 29 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අල්ලස් කොමිසමට ඊයේ (18) දැනුම් දුන්නේය.
Read Moreවව්නියව , කැබිතිගොල්ලෑව , හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයන් වෙතට ඊයේ (18) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පෙන්වා දෙයි.
Read Moreනිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණිමට නියමිතව ඇත.
Read Moreකහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත
Read Moreරටට අවශ්‍ය මීළඟ ජනාධිපතිවරයා නව සන්ධානය විසින් පත්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට තම පාර්ශ්වයේ අත්ල මත පවතින බවයි.
Read Moreජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.
Read Moreලංකා විදුලි බල මන්ඩලය මගින් 2024 වසරේ සිදු කිරීමට යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාල අවසන් තීරණය ඒ පිළිබඳව මහජන අදහස් විමසීමෙන් පසුව ජූලි 15 දා ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreකාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.
Read Moreචින ප්‍රඡාවට යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරිමට අවසර ලබා දි නොමැති බවත් යහපාලන සමයේ එක් චින සමාගමකට මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරිම සදහා අවසර ලබා දි තිබුනද. වර්ථමානයේදි එම ආයතනයේද බලපත්‍ර අවලංගු කිරිමට තමා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2024/06/17 දින යාපනයේ දිස්ත්‍රිකයේ මුහුදු කුඩැල්ලන් වගා කරුවන් සමග පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේය.
Read More2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයින් 58,304 දෙනෙකුට ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreචීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ සංවිධානය සම අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාවට නංවන ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා ගිවිසුම් අත්සන් තැබේ.
Read Moreපේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෝවල ප්‍රදේශයේඝන කැලෑවක මවක සහ දියණියක විසින්මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියකසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමටමහනුවර කොට්ඨාශදූෂණ මර්දන අංශ නිලධාරීන්ට හැකිව තිබේ .
Read Moreනොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.
Read More