saravita-anim2

2024 නොවැම්බර් මස 27 වන බදාදා

2024 නොවැම්බර් මස 27 වන බදාදා

Latest News - timelapse 689 hours ago

LATEST

පෙර පාසල් ගුරු මාසික දීමනාව පොසොන් මහේ සිට දෙගුණයක් වේ

calendar_today 2024 ජුනි 22 - 16:27 remove_red_eye - 229  

කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති ගුරු අභිමානි වැඩ සටහන යටතේ දිවයිනේ පෙරපාසල් ගුරුවර ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කෙරේ.

පොසොන් පොහොය යෙදුණු අද දින කලු ගලක් තුළ තිබෙන බව කියන මැණික් පුරවන ලද සෙම්බුවක් ගොඩගැනීමට කැනීම් කරමින් සිටි බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු කැනීම් සඳහා යොදාගත් විදුලි උපකරණ ,රසායන ද්‍රව්‍ය හා පූජා ද්‍රව්‍ය සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.

Read More

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි තීරෝද රථයක් බස් රථයක ගැටීමෙන් අද(22)දින එකම පවුලේ මව සහ දියණිය මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසා , සංචාරක වීසා යටතේ එරටට ශ්‍රී ලංකාව පුරා සිසුන් රැගෙන ගොස් , ඔවුන්ගේ මුදල් වංචා කර ලබා ගෙන , එරට අතරමං කළ පුද්ගලයෙකු 06/20 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි .

Read More

රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 18 ක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ පරීක්ෂක නිලධාරීවරයෙකු 06/21 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ එම නිවාස නැවත ඉදිකර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

දුම්රිය මගින් බෙලිඅත්තේ සිට මරදාන දක්වා කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රමාණය ඉක්මවමින් බෙදුම්කරුවන්ට කොමිස් ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය - වගකිවයුතු නිලධාරින් මෙරට නොමැති බවට අනාවරණය වේ.

Read More

නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්‍රිත රෝග සඳහා භාවිතයට ගනු ලබන එන්නත් 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත්, එම එන්නත් වෙළෙඳ පොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20දා) අනාවරණය විය.

Read More

2000 වර්ෂයේ දී 9.3% ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 2050 වනවිට 27.6% ක් වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය දත්ත වාර්තා සඳහන් කරයි.

Read More

2332 වැනි පොසොන් උත්සවය සඳහා මෙවර මිහින්තලා පුදබිමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති

Read More

පොසෙන් පොහොය දිනය මූලික කර ගනිමින් අද(21දා) විහාරස්ථාන 11100ක විවිධ ආගමික උත්සව සංවිධානය කර තිබෙන අතර පොසොන් කලාප 322ක් දිවයින පුරා පැවැත් වේ.

Read More

2024 වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා විදේශ රැකියා ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා විමර්ශන අංශය වෙත ලැබී ඇති බවත්, එයින් පැමිණිලි 1051ක් සඳහා අධිකරණයේ මේ වනවිටද නඩු පවරා ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අර අදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඊස්රාවාරි ප්‍රදීප් කුමාර නොහොත් සුද්දා යන සැකකරු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍ර විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්ව මගින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී. හේරත් මහතා පවසයි.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

Read More

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරා දෙයි.

Read More

මේ වසරේ මාර්තු 15දාට පසුව ඩොලරයේ වැඩිම විකුණුම් අගය අද (20දා) වාර්ා විය.

Read More

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙනුවෙන්, එප්පාවල, කැලේසියඹලෑව වැවෙහි දිය මත ඉදි කළ අසිරිමත් සිළුමිණි සෑය බෝට්ටුවෙන් ගොස් වන්දනා මාන කිරීමට අද(20) පස්වරුවේ සිට 23 වැනි දින දක්වා අවස්ථාව ඇත.

Read More

බේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

කලා විද්‍යා වාණිජ යන ප්‍රධාන විෂය ධාරා තුනට අමතර ව 2014 වර්ෂයේ දී පමණ පාසල් විෂය මාලාවට අලු‍තෙන් එක් වූ තාක්ෂණ විෂය ධාරාව යටතට ගැනෙන ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය යන උපවිෂයන් හැදෑරීමට ශිෂ්‍ය ප්‍රජාව අතර මහත් උද්‍යෝගයක් පවතින බවත් ඒ අතර සිසුවියන් ඊට වැඩි උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා පැවසී ය.

Read More

බුද්ධාගම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි ප්‍රහසන ශිලිපිනි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහි පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ(19දා) නියෝග කළේය.

Read More

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කිරීමත් ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුක්තව අනුරාධපුරයට පැමිණ කටයුතු කල යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් පැවසූහ.

Read More

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන

Read More

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟෙහි වක්වැල්ල ප්‍රදේශයේ ඇති පටු පාලම තුල අධික වර්ෂාවත් සමඟ ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය සිරවී සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය සපයන අතර, එලෙස සිදුකල තවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

Read More

රජය විසින් රටපුරා නව සුරාසල් විවෘත කිරීමට බලපත්‍ර ලබාදීමෙන් සිදුවන සමාජ පරිහානිය සම්බන්ධයෙන් සමාජ කැළඹීමක් ඇතිවීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් කඩිනම් අවධානය යොමු කොට සමස්ත ජන සමාජයේ පරිහානියට හේතු වන අප්‍රතිකාරී එම ක්‍රියාවලිය නවතා දමන ලෙස දන්වමින් මල්වතු අස්ගිරි මහානා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ.

Read More

මෙරට අධිකරණවල 2023 දෙසැම්බර් 31 අවසන් වන විට විසඳීම සඳහා නඩු 1122113ක් ගොඩ ගැසී ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය අමාත්‍යාංශය මගින් පෙරේදා (18දා) නිකුත් කර ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

Read More

මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බර පතල බව මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක සේවය කළ මුරකරුවෙකු මරණයට පත්වී ඇතිබවට එම ඉඩමේ අයිතිකරු විසින් ඉකුත් 17දා මදුරන්කුලිය පොලීසියට සිදුකළ පැමිණිල්ලකදී පොලීසිය මෙම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට කළ මූලික පරීක්ෂණයකදී එම පුද්ගලයාට ජීවය ඇති බවට හදුනාගත් පොලීසිය ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.