saravita-anim2

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා

Latest News - timelapse 77 hours ago

LATEST

පාස්පෝට් කන්තෝරුවට අමතර සේවකයන්

calendar_today 2025 පෙබ 05 - 21:34 remove_red_eye - 439  

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩල සපයා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව පී කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1.100.000ක් වත්මන් සැපයුම්කරුගෙන් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.

පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

‘ඔන් ලයින්’ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) දැනුම් දුන්නේය

Read More

පොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් හා පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ටොයොටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ ජීප් රථයක් නීති විරෝධී ව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කළ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයකු මොරන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවධානම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

Read More

මත්පැන් පානය කර තනිකඩ බට නිවාසය තුළදී පාලනය කරගත නොහැකි තරමට කලාහකාරි ලෙස හැසුරුනු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මහජන ආරක්ෂක ආමත්‍ය ආනන්ද විජේපාල මහතායි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර පත්වෙන්නේ ඒ ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලයට හා ඒ ඒ ජනාධිපතිවරයාගේ කැමැත්ත මතයි.

Read More

දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වල සිදුකළ මනුෂ්‍ය ඝාතන හතරක යතුරු පැදි කරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පරෙවියන් (Pigeons), අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් (African love birds), පියාඹන ලේනුන් (Flying squirrels) සහ ඖෂධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට අසුකර දීමට කටයුතු කෙරිණි.

Read More

ආණමඩුව නායික්කුලය රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින් ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.

Read More

ජාතික ජල බලවේගය බලයට පත් වුනේ පොරොන්දු ගණනාවක් ලබා දීලා.තෙල් මිල අඩු කරනව කිව්වා විදුලි බිල තුනෙන් එකකික් අඩු කරනව කිව්වා.අත්‍යාවශ්‍ය භාණ්ඩලව මිල අඩු කරනව කිව්වා. වි වලට සහතික මිලක් දෙනව කිව්වා.වැඩකරන ජනතාවගේ පඩි මාස හයෙන් හයට වැඩි කරනව කිව්වා. මේ මාස කිහිපය තුල අපට පේනවා ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමියගෙයි කතා පුස් වෙඩිල්ලක්.

Read More

බදුල්ල නගරය හා ඒ ආශ්‍රිත වායුගෝලය අද (5) සුළු වශයෙන් අහිතකර තත්ත්වයකට පත්ව තිබූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

Read More

ස්වීඩනයේ පාසල් පරිශ්‍රයක සිදු කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂ පත්ව තිබේ.

Read More

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

Read More

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (5දා) සිට ලබන 07වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචි කිරිමේ ක්‍රම වේදයේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව නව ලියාපදිංචිය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ුඅද (04දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්​​ගෙන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

පවතින ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලන සංස්කෘතියට ආදාර්ශයක් ලබා දෙමින් සිටින බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක (නව කෝටි තිස් දෙලක්ෂ හැටන දහස් නවසිය දහ නවයක ) වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Read More

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296 ක මුදලක් වැයකොට මෙට්‍රික් ටොන් 34,300 ගබඩා ධාරිතාවක් සහිත ගබඩා 06 ක් විද්‍යාත්මක ගබඩා ලෙස නවීකරණය කොට ඇතත් එම අරමුණුවලට පටහැණි වෙමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව විගණනයේ දී හෙළි වී ඇත.

Read More

අද (04දා) පැවැත්වෙන 77වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

Read More

‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.