saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Latest News - timelapse 599 hours ago

LATEST

රජයේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කරයි

calendar_today 2024 ජුලි 12 - 13:09 remove_red_eye - 292  

මෙතෙක් කළක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද දින (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.

1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මානත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කිරීමේ සියලු‍ කටයුතු පසුගිය දෙවසරක කාලයක් තුළ අභියෝගතා රැසක් මැද අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය අවසාන කෙටුම්පතත් නීතිපති කෙටුම්පත් සම්පාදක වෙත මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යොමු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛ ධේනුවන් දෙදෙනෙකු විසින් පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

Read More

අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.

Read More

පාකිස්තානයේදී එළඹෙන 2025 වර්ෂයේදී පැවැත්වෙන චැම්පියස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ඉඩක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවල පරිපාලන නිලධාරීන්ට මැලේසියාවේ දී මුස්ලිම් පල්ලි පරිපාලන කටයුතු පිළිබඳව පුහුණු සැසියක් (two week) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දිවයිනෙන් (15 July) පිටත්වීමට නියමිත මුස්ලිම් පල්ලිවල පරිපාලන නිලධාරීන් සහ ආගමික නායකයින් කණ්ඩායම අද (11) දින ජනාධිපති කාර්‍යාලයේ දී ජනපති කාර්ය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවිය.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වනිඳු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය මාස 6කට ආසන්න කාලයක් දැරූ අතර ලෝක කුසලාන තරගාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ අදක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් වනිඳුට දැඩි දෝෂාරෝපන එල්ල විය.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රධානව තවත් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරිමට එම සංගම් තීරණය කර තිබේ.

Read More

ඉන්දිය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙ නව අතුරු පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්වීමෙන් පසුව ඔවුන් දෙදෙනා යටතේ ඉන්දීය හා ශ්‍රි ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු අන්තර්ජාතික තරගාවලිය මෙය වෙයි.

Read More

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

Read More

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි .

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක සේවක වර්ජනය හේතුවෙන්, අධික තදබදයෙන් කොළඹ කොටුව සිට පොල්ගහවෙල දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක සිටි කාන්තාවක් ශ්වසන අපහසුතාවයට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරිණි.

Read More

අවස්ථා කිපයකදී පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වූ රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තෙහි ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියෙහිදී අද(11දා) දහවල් සිදු විය.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් අද දින (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි.

Read More

ගොවිඳුපුර පොලිස් වසමට අයත් කන්දඋඩපංගුව අම්පාරපාර 07 කණුව අසල පදිංචි මාස 06 ගැබිනියක්වූ එක්දරු මවක් ඉකුත් (09) වෙනිදා සිට අතුරුදන්වී ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.

Read More

බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද (11) ලිඛිතව සිය විරෝධත කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නේය.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වූ සහන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 170 ක පමණ මුදලක් ලබා දීමට ජයිකා ආයතනය එකඟතාව පළ කර තිබේ.

Read More

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙර්දා (09දා) මධ්‍යම රාත්‍රී 12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසා ඊයේ(10දා) ධාවනය කිරිමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 272ක් පමණ අවලංගු වී තිබේ.

Read More

නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය කල පෞද්ගලික බස් රථයක් නුවරඑලිය ලබුකැලේ ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට පත්විමෙන් බස් රථයේ සිටි මගීන් 40ක් පමණ තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා පවසයි.

Read More

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරි භාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

Read More

අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක්අද(11දා) විනාශ කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

සුවිශේෂී අනුපිළිවෙළක් යටතේ අගෝස්තු මාසයේ සිට වාහන ආනයනය කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළ ඇතුළත්කමිටුවේ වාර්තාව අගෝස්තු 02වැනි සතිය වන විට අමාත්‍ය මණ්ඩලයට ලැබීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

Read More

දුම්රිය වර්ජනයේ නිරත වූ ස්ථානාධිපතිවරු අද (10දා) දහවල් 12ට පෙර සේවයට වාර්තා කර නොමැති නම් එම ස්ථානාධිපතිවරු සියලුදෙනා සේවය හැරගියා සේ සලකන බවප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සංචාරක ක්ෂේත්‍රය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමේදී සමාගම් දෙකකට 68%ක ප්‍රමාණයක වාහන ආනයනයට ලබා දීම ඇතු ගැටළු කිහිපයක් මතුව තිබෙන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

Read More

කෙටි කාලයක් තුළ නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ හා මුදල් උපයා ගත් බව කියමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය තමන්ට එරෙහිව කරන විමර්ශන කටයුතු වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපණ ශිල්පි පියුමි හංසමාලී අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් අද (10) ගොනු කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.