saravita-anim2

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා

Latest News - timelapse 580 hours ago

LATEST

වසන්තගේ දේහය තැබූ මල්ශාලාට තර්ජනය කිරීම ගැන දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවයි

calendar_today 2024 ජුලි 16 - 20:41 remove_red_eye - 256  

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයකදී වෙඩි තබා ඝාතකයය කළ සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකකදී තර්ජනාත්මක දුරකතන ඇමතුම් දීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා බොරැල්ල පොලිසියට නි

අනුරාධපුර පූජා නගරයේ පිහිටි ’’වෙස්සගිරිය’’ වර්තමාන ඉසුරුමුණියේම කොටසක් බවට සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 108 ක නියෝජිතයන් 220 කගේ සහභාගීත්වයෙන් එළඹෙන 07/19 දින සිට 07/22 දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජපානයේ නගෝයා විශ්ව විද්‍යාලය මගින් මෙරට වෛද්‍ය පරිපාලකයින් හට වසරක පුහුණු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කරයි.

Read More

මෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් වැඩිවී ඇතැයිද, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ඇතැයිද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

Read More

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ ගම්මානයේ නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.

Read More

ජනාධීපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනයේ දැන්වීම ජූලි මස අවසන් වීමට ප්‍රථම නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.මෙම දිනය තීරණය කරනු ලබනනේ ජනාධිපතිවරණ පනත හා ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පමණක් බවද රත්නායක මහතා පෙන්වා දේ.

Read More

2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට අවස්ථාව සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරයි.

Read More

පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

අනුරාධපුර පොලිස් වසමේදී සිදු කල වැටලීමකදී කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙකු පරීක්ෂා කිරීමේදී පලා ගිය බවත්, ඔහු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ 50ට ආසන්න කේරළ ගංජා තොගයක් සොයා ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවති.

Read More

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හාරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා 07/16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

තාරා දේවී ප්‍රතිමාව ඇතුළු යටත් විජිත සමයේ එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්,එරට වලංගු වීසා කාළය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා ලබා දී තිබූ ’’ පොදු සමා කාළය ’’ භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .

Read More

එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

Read More

ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්‍ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවීමටද ඔහුට අද (15) නියම කළේය.

Read More

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියම කළ වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බු

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ විදුලි ගාස්තු 27% කින් පහල දැමෙන අතර අනෙකුත් කර්මාන්ත රාජ්‍ය හා පුන්‍ය ආයතන ඒක්ව ගත්විට සමස්ථ විදුලි බිල 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Read More

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දි පැවැත්විමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල අද අළුයම් කාලයේ දි ඇතිවු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් දැඩි හානියට පත්ව ඇත.

Read More

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදුකෙරිණි.

Read More

ශ්‍රී ලංකාව තුළින් විස්සයි විසි දෙක වසරේ මිනීමැරුම් පන්සිය පනස් නමයක් විස්සයි විසිතුන වසරේ මිනිමැරුම් පන්සිය හැත්තෑ අටක් සිදු වී තිබෙන බවත් මෙය වළක්වා ගැනීමට නොහැකි පොලිස්පති වරයෙක් විෂය භාර ඇමතිවරයෙක් රටකට කුමකටද ඇයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව භාරව සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පැවසීය.

Read More

පුත්තලම නගරයේ ඉහළ වානිජ වටිනාකමකින් යුත් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි.

Read More

බෙන්තොට පොලිස් වසමේ පිහිටි අතුරුවැල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ඊයේ රාත්‍රි ඇතිවූ ගැටුම්කාරී තත්වයකදී භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.

Read More

ඇතැම් අය කිව්වා මීට විරුද්ධවඅධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු අංගණයේ ඉකුත් වසර 05ක කාලයේදී වාහන අමතර කොටස් මිලදී ගැනීමට සේවකයන් සඳහා වැය වී ඇති අතිකාල දීමනා සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) අය කර ඇති අතර, අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව එක් එක් වාහනයකට බෙදනු ලැබූ අමතර කොටස් පිළිබඳ ටයර් ටියුබ් සහ බැටරිවල තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.