දේශීය බිත්තර නිශ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහත නෙදමන්නේනම් නැවත බිත්තර ආනයනයට කටයුතු කරනබවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
තවමත් පොලිස්පති ධූරය දරන්නේ හිටපු පොලිස්පති. ධූරය හිස් වෙලා නෑ. නොයෙක් නොයෙක් දේවල් අර්ථ නිරූපණය කරනවා. ඒ වගේම පොලිස්පතිවරයා පත්කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව එම තීරණය කළ ආකාරය ගැන නොයෙක් වාදයන් කරුණු ඉදිරිපත් කරනවා
Read Moreඅති විශේෂ ගැසට් නිවේදනය මගින් අද දින ප්‍රකාශයට පත් කරන ලද සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර ගැනීමේ දිනය වූ අගෝස්තු 15 දිනයට පෙර දිනයේ දහවල් 12.00 ට පෙර අපේක්ෂකයන් විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreපුත්තලම නගරයෙ ප්‍රධාන පෙලෙ පාසලක ගුරුවරයකුට පාසලේ ප්‍රධාන දොරටුව අසලදී සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreරුවන් ගුණසේකර මහතා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර තිබේ. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුව ඇති බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පවත්වන බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඅද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි
Read Moreආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read Moreගෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද ඊයේ රාත්‍රී මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි
Read Moreවසරකට අධික කාලයක් තිරප්පනේ පොලිස් වසම තුළ සැරිසරමින් සිටින පිරිපුන් දළ යුගලකින් සමන්විත අග්බෝ ඇතා නොපමාව ආරක්ෂිතව සුදුසු වනාන්තරයකට මුදා හැර සංරක්ෂණය කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
Read Moreරැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද (26දා) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (25දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read Moreසමරිසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත වැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ හරහා සමාජයේ පළමු අත්තිවාරම වන පවුල දෙදරයා යාමට ඉඩ හැරීම රට විනාශ වීමට හේතු විය හැකි බවත් කොළඹ අගරදගුරැ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවැසූහ.
Read Moreවැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක ගිණුම් 55 හරහා රුපියල් කෝටි 30කට අධික මුදල් වංචනිකව ලබාගත් බව කියමින් සැකපිටඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘ෆූගෝ ඔන්ලයින්’ පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියම කළේය.
Read Moreනෑ අපි තරහා වෙන්නේ නෑනේ,එතුමගේ පුරුද්ද, එතුමා ගේනකොට අපි දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එක්සත් ජාතික පක්ෂය කැඩුවා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා,යහපාලනය කැඩුවා,ජේවීපී එක කැඩුවා,එල් ටී ටී ඊ එක කැඩුවා ඉතින් පොහොට්ටුව නොකැඩුවොත්නේ ප්‍රශ්නේ.හැබැයි ඉතින් අපි අවශ්‍ය දේශපාලන තීණ්ඩුව අපි රට වෙනුවෙන් ගත්තා..
Read Moreපිටිගල -නියාගම මාර්ගයේ මත්තක පදේශයේ අද (25) පස්වරුවේදී වැලි පැටවූ ලොරිරථයක් සහ මෝටර් රථයක් මුහුණය මුහුණ හැටී මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
Read Moreපසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.
Read Moreරාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read More1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ චන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
Read Moreබාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් මාස 08ක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (25) නියම කළාය.
Read More“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ
Read Moreවැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කල සාමාන්‍ය සෙබළෙකු 25 වෙනිදා පෙරවරුවේ එම කඳවුරේ ගොඩනැගිල්ලක් තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read More“නීතිඥයන්ට පාතාලයෙන් කෝටි ගණන් මුදල්.පාතාලය ජය ගනී,නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි.අහිංසක අපට කාගේ පිහිටක්ද ? මාතර අපි ඔබ සමගයි” යන වැකි එම පෝස්ටර් වල සදහන් කර තිබුණි.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිතය.
Read Moreඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට නම් කළ සංචිතයේ සිටි නුවන් තුෂාර ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26දා) දින් සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreපොලිස්පතිවරයා ඉවත් කිරීමෙන් වැඩිපුරම සතුටු වුනේ පාතාලය... වතු කම්කරු පඩි වැඩිවීම සම්බන්ධයෙන් කතා නොකර පොලිස්පති ඉවත් කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලියි..
Read More