saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 578 hours ago

LATEST

කපිලට සහ උදයංගට ඇමෙරිකාවෙන් සම්බාධක

calendar_today 2024 දෙසැ 11 - 02:10 remove_red_eye - 273  

එයාර් බස් - මිග් යානා මිලදී ගැනීම් වලදී දූෂණ චෝදනා ආසන්නතම පවුලේ සාමාජිකයන්ටත් සම්බාධක, ඇමෙරිකාවට ඇතුළුමත් තහනම්

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.

Read More

ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට අද (10දා) දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 46,546ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම රෝගීන්ගෙන් 20,009ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස43% ප්‍රමාණයක් වේ.

Read More

රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම

Read More

හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුන් දෙනෙකු දින දෙකක් තුල මියයාම සම්බන්ධයෙන් අද (10) සිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.

Read More

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තව සඳහා ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලයේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර තිබේ.

Read More

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම කර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

වාහන ආනයනය සඳහා අවසර ලබාදචීම යම් යම් සීමාවන්ට යටත්ව සිදු වන බැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා නොදෙන ලෙස කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට(11දා) සිට ආරම්භ වේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 12/10 දින අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

වෙළඳපොළේ දේශීය සහල් විකිණිය හැකි උපරිම සිල්ලර හා තොග මිල සහ ආනයනික සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙන වෙනම අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

Read More

කථානායක අසෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වන ගැටළුවට ඉදිරි දින කිහිපය තුළ ඔහු විසින්ම පිළිතුරක් ලබා දෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

Read More

බැංකු මගින් ක්‍රියාත්මක කරනු ලබන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් කේක් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි.

Read More

2025 වර්ෂය සඳහා චීන රජයෙන් ප්‍රදානය කරනු ලබන පාසල් නිලඇඳුම් රෙදි අද (10දා) මෙරටට ලැබීමට නියමිතය. එම නිලඇඳුම් රෙදි භාරදීම අද පෙරවරු 11.00ට කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී සිදුකෙරේ.

Read More

එයින් සියයට 60 ක් වංචා කර ඇත්තේ සේවකයන් අමිලියන 44.08 ක පාඩු වසර පහටත් වඩා පරණයි ටෙලර් යන්ත්‍රවලට මුදල් පටවද්දී කළ සොරකමක පාඩුව රුපියල් 3,730,000 ක්

Read More

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්නුව හැසිරුණ බවට බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලීසිය වෙත අද (09දා) පැමිණිල්ලක් සිදුකොට ඇති බව යාපනය පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය ඉතා ශක්තිමත් මිත්‍රත්වයක් බවත්, චීන රජයේ සහය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට සෑම ක්ෂේත්‍රයක් සදහාම ලබා දෙන බවත්, ඉදිරියටත් එම සහය අඛණ්ඩව ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් මහතා අවධාරණය කරයි.

Read More

නත්තල ඇතුළු එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ඇති ආහාර පරිහරණ ආයතන සියල්ල පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව ද කාර්යාංශය සදහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් යයි සැලකෙන අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තා අද (9) බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.

Read More

නොසිතු ලෙස පොල් මිළ ඉහල යාමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක දේවාල හා කෝවිල් වල දෙවියන් උදෙසා පොල් ගැසිම සිග්‍ර ලෙස අඩුවි යාමක් දැක ගත හැකි බව එම ස්ථාන වල භාරකරුවන් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) මැතිණිය අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.