saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 572 hours ago

LATEST

රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා

calendar_today 2024 දෙසැ 12 - 11:32 remove_red_eye - 1326  

සොරුන් සහ වංචකයින් පලවා හරිමින් පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ තේමා පාඨයෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ කථානායකවරයා ලෙස අග්‍රාමාත්‍යවරියේ යෝජනාවෙන් පත්කර ගෙන ඇත්තේ සිය ආචාර්ය උපාධිය වංචනිකව නිර්මාණය කර ගත් පුද්ගලයෙකු බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් 116ක් එයින් ඉවත් කර පොලිසියේ රාජකාරි සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි.

Read More

මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රට විරුවන්ට බදු නිදහස්ව විද්‍යුත් වාහන 510 ක් ආනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන1384 ක බදු ආදායමක් අහිමි වෙලා රට නොගිය අයටත් බලපත්‍ර දීලා අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් බලය හා යෝජනාව අවභාවිතා කරලා යෝජනාවේ මුවාවෙන් වාහන ගෙන්වා විකිණීමේ ව්‍යාපාරයක් කරලා තවත් අක්‍රමිකතා රැසක් විගණනයෙන් හෙළිවෙයි

Read More

ඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස 08 ට සාපේක්ෂව 2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 30 දක්වා 2024 වර්ෂයේ පළමු මාස 08 දී රුපියල් මිලියන 139 000 ක් දක්වා සියයට 137.4 කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්වය පිළිබඳ වාර්තාවකින් අනාවරණය වේ.

Read More

2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමානාව හෙට දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඇතැම් ප්‍රදේශවල බෝංචි, අමු මිරිස් හා මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් නවසීයත් රුපියල් දහසත් අතර මිලක් ගෙන තිබේ.

Read More

ගොවින්ගේ වගාවට හානි කරන වන සතුන් ඝාතනය කළ යුතු බව තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් පරිසරවේදීන් එම ප්‍රශ්නයට මැදිහත් වීමත් ගොවියන්ට එවැනි දැවෙන ප්‍රශ්නයක් තිබෙන බව ඔවුන් අවබෝධ කර ගැනීම වැදගත් බව ද කෘෂිකර්ම වාරි මාර්ග පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

Read More

රට තුළ විශාල ව්‍යසනයක් බවට පත්ව ඇති රිලා උවදුර තුරන් කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ද්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව ආගමික කටයුතු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගමගෙදර දිසානායක මහතා පවසයි.

Read More

කහතුඩුව වෑතර ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 13 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසය ප්‍රතිසංවිධානය කර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන ආයතනවල බලය ලංකා කම්කරු කොන්ග්‍රසය සතු කර ගැනිමට ජාතික සභාව (11) දින තිරණය කල බව එම පක්ෂයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

Read More

ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි වරාය හා විශේෂ ආර්ථික කළාප සමාගම අද නිවේදනය කළේ තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාවේ ණය මුදල් ලබා නොගැනීමට තීරණය කළ බවයි. මේ අනුව අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සමාගම සතු අභ්‍යන්තර මුදල් යොදවන බවද සමාගම නිවේදනය කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කිරිමේ චෝදනාවට වරදකරු වී වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ එම තහනම අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා කිරිබත් කෑමට දුප්පත් මිනිස්සුන්ට සහල් ටිකක් ගන්න තැනක් නැති වෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද (11) ඇල්පිටියේදී කීවේය.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලබන LANKA T10 තරගාවලිය අදි (11දා) ආරම්භ වේ.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි ඉනිම් වලදී පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද (11දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

Read More

වතුකර නිවාස ගැටළුවට විසඳුම් ලෙස මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇතිබව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

Read More

මහාවැසි ඇතැම් ප්‍රදේශ වලට හා මිනිසුන්ට පිඩාවක් ගෙන ආවත් වනයේ වන සතුන්ට පසු ගිය මහා වැසි ආශිර්වාදයක් විය.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පවතින අඩු පිඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්සනාඩු වෙරළ වෙත ළගාවිමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

බීමත් රියදුරන් අත් අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත් අඩංගුවට ගැනීමක් වෙනුවෙන් රුපියල් 2,500 ක ත්‍යාග මුදලක් පොලිස් ත්‍යාග අරමුදල විසින් ගෙවිය යුතු වුවත් 2023 වර්ෂයේදී එම ත්‍යාග මුදල් කිසිවක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂයට අදාළව කරන ලද විගණන පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

Read More

සහල් මිල ඉහළ දැමීමත් සමග ඊයේ(10දා) දිනයේදී බොහෝ ප්‍ර දේශවලට විශාල ලෙස සහල් තොග ලැබුණු බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Read More

පාන් පිටි මිල අඩු කළහොත් පාන් මිල අඩු කළ හැකි බැවින් එමගින් ඉබේටම හාල් මිල පාලනය වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

Read More

එයාර් බස් - මිග් යානා මිලදී ගැනීම් වලදී දූෂණ චෝදනා ආසන්නතම පවුලේ සාමාජිකයන්ටත් සම්බාධක, ඇමෙරිකාවට ඇතුළුමත් තහනම්

Read More

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) සංශෝධනය සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.

Read More

ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට අද (10දා) දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 46,546ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම රෝගීන්ගෙන් 20,009ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස43% ප්‍රමාණයක් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.