saravita-anim2

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා

Latest News - timelapse 45 hours ago

LATEST

සමාජයේ කතාබහට ලක්වූ විභාග ප්‍රශ්න පත්‍රය ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක්

calendar_today 2024 නොවැ 12 - 15:45 remove_red_eye - 630  

කළුතර දිස්ත්‍රික්කයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ දෙවැනි වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් අන්තර්ගත වීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබේ.

මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරය තුළ ‘ජන සංහාරයක් ’ සිදු කරන බවට සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සඳහන් කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිම හේතුවෙන් තාවකාලකව නවතා තිබූ කොළඹ කොටුව - තලෙයි මන්නාරම දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබේ.

Read More

රාජගිරි​යේ මැද වැලිකඩ මාර්ගයේ නිවසක තාවකාලිකව පවත්වාගෙන ගිය ඇගලුම් කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.

Read More

අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

Read More

අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන කරමින් සිටි රුපියල් කෝටි 10 ක් පමණ වටිනා වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතා ඊයේ (11) සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් බාරදුන් බව පොලිසස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ලබා ගත් ණය සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමට තීරණය කෙරේ

Read More

ඇතැම් ප්‍රදේශවල ලොකු ලූනු කිලෝවක හා අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් හාරසියයත් රුපියල් හාරසිය විස්සත් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව විදේශ රටවලින් ගෙන්වූ හොඳ තත්ත්වයේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 340ත් රුපියල් 360ත් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත්, එහි බලපෑමෙන් අද (12දා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට ඊයේ (11) අවසර දුන්නාය.

Read More

සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්ණ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය , ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය තවලම ධම්මික නාමියන්වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය සහිතව පිරිනමා තිබේ.

Read More

ණය ගෙවීමට නොහැකි වුණොත් නැවතත් පෝලිම් යුගයකට ගමන් කළ හැකි බවත්, 2028 දී ණය ගෙවීම ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ’’එල් බෝඩ්’’පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටේ විශාල අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය. ගෑස් සිලින්ඩරයෙන් තරග වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනරැලිය අමතමින් මරදානයේදී අද (11දා) පැවති රැස්වීමේ දී ඔහු එසේ පැවසීය.

Read More

2028 වසරේ දී ණය ගෙවීම ආරම්භ කිරීමේ දී ගෙවිය යුතු ණය පංගුව ඉක්මවා යන ආර්ථිකයක් මෙරට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සැලසුම් සැලසුම් සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා කීවේය.

Read More

අනුරාධපුර පොලිස් කොට්ඨාසයට අයත් ගිරානේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදු ක්‍රීඩාවේ (බූරු ගැසීමේ) නිරත වීමට අවස්ථාව සලසා දී, සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු අද (11දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

උපයාගත් ආකාරයේ හෙළි කළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් තමන් සතු කරගෙන ඇතැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාඹුගල නමැත්තා සහ කෙටිකලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපයූයේ යැයි කියන පියුමි හංසමාලි නමැත්තිය රජයට ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11දා) නියෝග කළේය.

Read More

BRICS සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වූ පුවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්තෝබර් 07 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි ශ්‍රී ලංකාව BRICS සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ බවයි.

Read More

2024 මහ මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 14 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවකට පමණක් සිමා කර තිබේ. ඒ අනුව එදින කොළඹ කොටස් වෙළඳපොළ උදෑසන 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ගනුදෙනු සිදු කරනු ඇත.

Read More

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඊට එරෙහිව පෙත්සමකාර පාර්ශවයෙන්ද ඉදිරිපත් කළ මෝෂන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත අද (11) යොමු කළේය.

Read More

දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබේ. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් බවට පත්වේ.

Read More

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉඳිකරන ලද අලිකොටආර ජලාශය මේ දිනවල වාන්දමමින් පවතී. වැවේ ඉහළ කොටස වන නමුණුකුල කඳුවැටියට මේ දින වල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ජලාශය ජලයෙන් පිරී පැවතීම නිසා ගංවතුර තත්වය පාලනයකිරීම සඳහා එහි වාන්දොරටු තුනම විවෘතකළ බව ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරු ආර්.ජී රංජිත් මහතා පවසයි.

Read More

මහ මැතිවරණය හේතුවෙන් දින 2ක් එනම් එලඹෙන 14සහ 15 දා සුරාසල් වසාතැබීමට නියමිත බව සුරාබදු දෙපාර්ථමේන්තුව දන්වා සිටියි.

Read More

මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ලග්ගල දේවාලදෙනිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාණන්ගේ දෑත් දෙපා ගැටගසා 10 දින රාත්‍රියේ රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

Read More

තමන් ද්විත්ව පුරවැසි භාවය ඇති අයෙක් කියා බොහෝ දේශපාලන ප්‍රභලයින් චෝදනා නගන නිසා එය ඉවත්කර ගැනීමේ ලිපිය මාධ්‍යට ඉදිරිපත් කරන බව තිලකරත්න දිල්ෂාන් මහතා අද දහවල් කළුතර දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය .

Read More

ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ 11/10 දින දහවල් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නොකළ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Read More

මහ මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීමේදී මෙවර සුලැඟිල්ල වෙනුවට දඹරඟැල්ල වර්ණවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණෙය කර තිබේ.

Read More

2006 මැයි 31 දිනට පෙර උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම්ද ඡන්ද හිමි නාමලේඛනයේ ඇති බැවින් අපොස උසස් පෙළ සිසුනට ඡන්දය පුකාශකිරීමට බාධාවක් නොවන අයුරින් උසස්පෙළ උපකාරක පන්ති යොදා ගනනා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.