saravita-anim2

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

Latest News - timelapse 504 hours ago

LATEST

මැලේසියාවේ පැවැති ආරාධිත හොකී තරගාවලියකදී ශ්‍රි ලංකාවට ශුරතාවක්

calendar_today 2024 දෙසැ 27 - 12:43 remove_red_eye - 128  

මැලේසියාවේ පැවති ’’ පෙස්ටා ’’ ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන 12/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

Read More

හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා දිර්ඝ කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

අධිවේගී මාර්ගයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සංචාරක මුර සේවයක් යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් ජයකොඩි මහතා තීරණය කර තිබේ.

Read More

සිං ඉන්දියාව දීර්ඝතම කාලයක් පාලනය කළ අගමැතිවරයෙකු වූ අතර ඔහු 2004-2014 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසත් ඉන්දියාවේ ලිබරල්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රමුඛතමයා ලෙස සැලකෙයි. ඔහු ඒරට මහ බැංකු අධිපතිවරයා ලෙසද කටයුතු කළේය.

Read More

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් සතියේදී පැවැත්වීම සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ’අද’ට පැවසීය.

Read More

පසුගිය කාලසීමාවේදී පැවැති විවිධ කරුණු හේතුවෙන් කඩා වැටුණු රටෙහි ආර්ථිකය යළිත් ස්ථායිකරණය කිරීමේ ක්‍රියාවලිය, තවදුරටත් ඉදිරියට ගෙන යෑම නව රජයේ අරමුණ බව රජය පවසයි.

Read More

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුන මන්ත්‍රීවරයා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවිය.

Read More

නිවෙස් හිමිකාරිය පැද වූ සුඛෝභෝගි මෝටර් රථයට යට වීමෙන් නිවසේ මෙහෙකරු ඊයේ (25) රාත්‍රී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි

Read More

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලිසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

Read More

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කලේය.

Read More

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභී පවුල් 212 423ටමෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය වූ රුපියල් 1 314 007 750ක මුදල හෙට දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැංකු ගත කිරීමට කටයුතු කිරීමට කටයුතු කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණඩලය දැනුම් දෙයි.

Read More

මාතලේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩාගම්මන ග්‍රාමයේ පවුල් 144කට සෙත සලසන පානිය ජල ව්‍යාපෘතිය පසුගියදා නිලධාරීන් විසින් ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේද දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 232කින් ඉහළ ගොස් සමස්ත ඒකක 15 400ක් දක්වා ඉහළ ගියේය.

Read More

වසර 20කට පෙර සුනාමි විපතින් ජීවිත අහිමි වූ දහස් ගණනක් සිහිපත් කරමින් 20වෙනි සුනාමි සැමරුම් උළෙල අද (26)දා පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වුණි. සුනාමි මුහුදු රළ ට හසුවී පෙරළී ගිය දුම්රියේ මැදිරිය සහිත දුම්රියක් ඊයේ දිනද කොටුව දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර තිබුණි.

Read More

ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26දා) වැඩ භාරගෙන තිබේ.

Read More

මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

Read More

සුනාමි ව්‍යයසනය සිදුවී අදට (26දා) අවුරුදු 20ක් සපිරෙයි.

Read More

අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට එළවළු වගා බිම් අක්කර 750කට වඩා වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇති බවත්, එම හානි වූ එළවළු වගාවන් සඳහා තමන්ටත් වන්දි මුදල් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහූ රජයෙන් ඉල්ලා සිටිති.

Read More

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් 25 වෙනිදා රාත්‍රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය කියයි.

Read More

විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

රාත්‍රි රථවාහන රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නවතම උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

Read More

නව දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පත්කර තිබේ.

Read More

මේ වන විට බිත්තර මිල දැඩි ලෙස පහල බැස තිබුනද බිත්තර ආප්ප බිත්තර රෝටි මිල අඩු නොවිම පිලිබදව බොහෝ පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79 කට අදාලව නිලධාරී පුරප්පාඩු 1717 ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී අන්දමින් එකලස් කල බවට සැක සුඛෝපභෝගී ජීප් රථයක් සොයාගෙන ප්‍රසිද්ධ පෞද්ගලික කර්මාන්ත ශාලවක කළමනාකරුවකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත.

Read More

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් ඉකුත් වසරේදී නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග 10 ක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මිලට පුද්ගලික වෙළඳපොළ බෙදාහරින්නන්ට අලෙවි කර තිබීමෙන් එම සංස්ථාවට රුපියල් 15,265 ,626 ක මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

ඉකුත් පැය 24 තුළදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 251 කු ඇතුළු අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8747 කුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය

Read More

ශ්‍රි ලංකා පොදජන පෙරමුණේ පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය එංගලන්තයේදි ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.