saravita-anim2

2024 නොවැම්බර් මස 25 වන සඳුදා

2024 නොවැම්බර් මස 25 වන සඳුදා

Latest News - timelapse 428 hours ago

LATEST

කටුනායකින් ආරම්භ කළ ෂටල් බස් සේවාව ලප් තැනම ලොප් වෙයි

calendar_today 2024 අගෝ 19 - 17:42 remove_red_eye - 2117  

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 08/15 දින ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ( Air Port Terminal Shuttle Service ) 08/19 දින උදෑසන 11.00 පමණ සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ අවසන් රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අද (19) දින දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල නරඹන්නන් පිරිසක් පෙරහැර නැරඹීමට හා ආශිර්වාද ලබා ගැනීම සඳහා වීදී දෙපස පෙළ ගැසී සිටින අයුරු දක්නට ලැබිණී.

Read More

නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ හිස්වැසුමක් හෝ නොමැතිව එකම වයසේ පාසල් සිසුන් දෙදෙනෙකු යතුරු පැදි ධාවනයේ යෙදෙමින් සිටියදී රිය අනතුරු වලට ලක්ව මියයාමේ සිදුවීම් දෙකක් දින තුනක් ඇතුළත වාර්තා වූ බව හෝමාගම මූලික රෝහල පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය තුලදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අනපේක්ෂිත ප්‍රහාරය සිදුවිය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති හෙයින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ශාව සදහා නිසි පියවර ගන්නා ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බංඩාර මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටි .

Read More

නිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.

Read More

අරගල සමයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව භාරගන්නා ලෙස ජාතික ජන බලවේගයට ආරාධනයක් නොකල බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

’’අයිස්’’මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් උරණවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැන මරණ තර්ජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වීඇත.

Read More

2015 වසරේ සිට 2023 වසර දක්වා මෙරට තුළ දුම්වැටි බිලියන 26.46ක් අළෙවි කර ඇති අතර, එමගින් රුපියල් බිලියන 833.23ක් බදු මුදල් ලෙස රජය විසින් අය කර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

මේ වර්ෂයේ ගෙවීගිය කාලයෙහිදී ආසන්න වශයෙන් ඒඩ්ස් රෝගීන් 700කට අසන්න පිරිසක් වාර්තා වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉඩම් අමාත්‍යංශය යටතේ ඉඩම් හිමිකිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වූ බිම් සවිය වැඩසටහනට රජය විසින් රුපියල් කෝටි 618 කට අධික වියදමක් වැය කර ඇතත්. වසර 20කට අධික කාල සීමාවක් ගත වී ඇති බවත් එහි ආරම්භක අරමුණ ඉටු කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි 17-8 දින නිකුත් කරන ලද නවතම විගණයකින් අනාවරණය වේ.

Read More

ළමා නිවාස ගත ළමයින්ගේ සංඛ්‍යාව ඉකුත් මාර්තු මාසයේ සිට (දස වසරක කාල සීමාවක් තුළ)ළමයින් සංඛ්‍යාව 3353 කින් අඩු වී ඇත.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර හෙට (19) වීදි සංචාරය කිරීමට නියමිතය. රාත්‍රී 6.57යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදියෙන් පහළට පැමිණ යටිනුවර වීදියට හැරී ඉදිරියට පැමිණ කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක වීදියට සේන්දු වී රජ වීදිය හන්දියට පැමිණ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය .

Read More

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු මහතාව පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපිය ඉකුත් 16වෙනිදා දිනැතිව හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇත.

Read More

මහබැංකු වංචාවට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බවත්, එම වංචාව සිදු කර සිංගප්පූරුවට පැනගොස් සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන බවත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති රැලියේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

තම සුරූපී බිරිදට බිරිදට පෙට්‍රල් ගිනි තබා මරා දැමිමේ චෝදනාවට 41 හැවිරිදි පොල් කඩන්නේකු වු සැමියා වෙන්නප්පුව පොලිසිය විසින් 18 දින අත් අඩංගුවට ගත් බව කියයි.

Read More

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) දින තිරණය කල බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

ෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සුපිරි නිවාස සංකීර්ණයක දෙමහල් නිවසක ශීතාගාර තුළ කුශ් බීජ රෝපණය කරමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යමින් ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනා කුශ් මත්ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

අතින් පයින් පහර දීමෙන් සේවකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

සැප්තැම්බර් 21 වැනිදායින් පසු බිහි වන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ජල හා විදුලි හා ඉන්ධන මිල ගණන් අඩු කරන බවත් ආහාර,ඖෂධ,රසායනාගාර පරීක්ෂණ හා පාසල් උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන බවත් ජාතික ජන බලවේගයේ නායක හා ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) මාතර දී පැවසීය.

Read More

බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම ගැටළුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් 80% බෝ නොවන රෝගවල බලපෑමෙන් සිදුවන බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි.

Read More

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (17) කොළඹ දි පැවසීය .

Read More

ඉදිරි පැය 24ක කාලය තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

වැල්ලම්පිටිය කිත්තම්පහුව ලැගුම්හලක් තුළදී බ්ලූ මැන්ඩල් පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

වැල්ලවාය පොලිස් වසමට අයත් කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඉකුත් (15) වෙනිදා සිට අතුරුදහන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

රුපියල් 5000 යේ හොර නෝට්ටු 102 ක් සමඟින් පුද්ගලයෙකු ලද තොරතුරක් මත විනාඩි පහලොවක් වැනි සුළු කාලයක් තුල රත්නපුර නගරයේදි අත්අඩංගුවට ගැනිමට රත්නපුර පොලිසියේ අපරාධ අංශය සමත් වි ඇත.

Read More

රුපියල් හය දහසක අල්ලස් මුදලක් කසිප්පු මුදලාලි කෙනෙකුගෙන් ලබා ගත්තේ යයි කියන බෙන්තොට පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඊයේ (17) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

’’රටට මේ විදියට යන්න දෙන්න බැහැ. රට දියුණු කරන්න ඕන.අපි බලයට පත්වූ පසු වංචාව,දූෂණය නතර කරනව. වංචකයින්ට දඬුවම් දෙනව. සොරාගත්ත දේපල රජයට පවර ගන්නව. ජනතාව සතුටින් තියන ආණ්ඩුවක් හදනවා. ඒ ටික කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි’’

Read More

කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

Read More

පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන රට බෙදන වැඩපිළිවෙලක් නොව රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බව ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.