එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මිය පත්කොට තිබේ. හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (3)දා මෙම පත්වීම සිදුකොට තිබේ. මීට ඉහත මෙම තනතුර දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතාය.
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ කීර්ති නාමයට හානි වන පරිදි මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ බව කියන මිල්ලදෙනිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු වන ද රවීන්ද්‍ර රම්මුතු නොහොත් කෝකිල නමැති අය අද(3)දා පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ නිවස පිහිටි බටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහිටපු ජනපතිගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණ තිබෙනවා.
Read Moreකොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
Read Moreපසුගිය ජනවාරි 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පලාත් අධ්‍යාපන ප්‍රධානීන් හමුවෙමින් රටේ ඉදිරි අධ්‍යපන සැලසුම් ප්‍රථිපත්ති පිලිබඳ සාඛච්චාවක නිරතවී තිබෙනවා. ඒහිදී සිදුකරන පරිවර්ථනීය වෙනස්කම් වලදී අවබොධයෙන් හා ඒකඟතාවෙන් කටයුතු කල යුතු බවඉතාමත් අවධාරණයෙන් අදහස් දක්වා තිබෙනවා.
Read Moreශ්‍රි ලංකා ගුවන් හමුදාව 2025 වසරේ අලුතෙන් ගුවන් යානා නවයක් ලබා ගැනීමට නියමිතය. එක්සත් ජනපදයෙන් බෙල් 206 හෙලිකොප්ටර් යානා අටක් සහ පාකිස්ථානයෙන් FT-7 පුහුණු ගුවන් යානයක් ලබා ගනියි.
Read Moreපොලිස් මූලස්ථානයේ ’’ඊ ට්‍රැෆික්’’ ජංගම දුරකථන යෙදවුම සඳහා පැය 24 ක පමණ කාලයක් තුළදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 120 ක් ලැබි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
Read More”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන වදන සිහිපත් කළ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (02) තරයේ අවවාද කළේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මෙහෙයවීමෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරිය 2025 ජනවාරි 01 සිට පුළුල් කොට තිබේ. යුද හමුදාපතිවරයා විසින් ඒ පිළිබඳව සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ව්‍යාපාරිකයෙකුට වංචා කලැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්තියට අපේක්‍ෂිත ඇපයක් නියම කරන්නැයි කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (02) ප්‍රතික්ෂේප කළේය.
Read More2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 20, 53, 465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක්) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreරජයේ නව මුද්‍රණාලාධිපති ලෙස පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන කේ.ජී.පී. පුෂ්ප කුමාර මහතා පත්කොට ඇත. ඔහු අද පෙරවරුවේ රජයේ මුද්‍රණාලයට ගොස් ධූරයේ රාජකාරී කටයුතු බාරගනු ලැබීය.
Read Moreදේශපාලන වුවමනාවට ඉදිරියේදී මේ රටේ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොකරන බවත් යම් ව්‍යාපෘතියක් ඉදිකරන්නේ නම් එය වසර විස්සක ජාතික සැලැස්මකට අනුව සිදුකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) දා පැවසීය.
Read Moreවත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා බලයට පත්ව දින 100ක් සම්පූර්ණ කර ඇති බවත්, එම දින 100 තුළ අසාර්ථකම රජය ලෙස ජනතාව මෙම රජය දැකීමට පටන් ගෙන ඇති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
Read Moreපෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් කඩිනමින් ඉටුකර දීම සඳහා වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ කොටස් හුවමාරුවේ සුවිශේෂී සංධිෂ්ඨානයක් පසුකරමින් අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16000 සීමාව ඉක්මවා ගියේය. දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.9 කින් ඉහළ ගොස් ඒකක 16 348.5ක් දක්වා ඉහළ ගියේය.
Read Moreපාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreසේනානායක සමුද්‍රයේ ජලපෝෂක ප්‍රදේශය වන මොනරාගල බිබිල දොරපොතකන්ද ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි ඉගිණියාගල සේනානායක සමුද්‍රය ජනවාරි (02) වෙනිදා වන විට ජලයෙන් පිරී වාන් දැමීමට ආසන්නව පවතින බව වාරිමාර්ග නිලධාරීහු පවසති.
Read Moreකිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.
Read Moreජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ ඊයේ (01)දින වැඩ ආරම්භ කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් කතරගම දෙවියන්ට පිං අනුමෝදම් කිරිම සදහා මහරගම අපේක්ෂා රෝහලට නව ඇට මිදුලු බද්ධ කිරිමේ එකකයක් අද (02) වැනි දින උදෑසන විවෘත කරන ලදි.
Read Moreනව වසර උදාව සමරමින් පැවැත් වූ මත් පැන් සාදයකදී අසාත්මිකතාවයකට පත්වීමෙන් රෝහල්ගත කළ තරුණයා හෘදයාබාධයකින් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පවසයි.
Read Moreබස් රථවල පනවා තිබෙන බදු ඉවත් නොකර, බස් රථ ගෙන්වීමට සිදුවුවහොත් අවම බස් ගාස්තුව රුපියල් පනහක් බවට පත්කර, එතැන් පටන් ගාස්තුව ඉහළ දැමිය යුතු බව බස් හිමියෝ සඳහන් කරති.
Read Moreනවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreබිත්තරයක තොග මිල ඊයේ (01දා) රුපියල් 34ත් රුපියල් 35ත් අතර මිලක් ගෙන තිබූ අතර, මේ අනුව සිල්ලර මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් තිබුණි.
Read Moreඩොලරයේ වටිනාකම අඩු වෙමින් තිබෙන නිසා අහ්‍යාස පොත් ඇතුළුව පාසල් උපකරණවල මිල 20%කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreවසර 13ට පසුව ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි 20 ක්‍රිකට් ශතකයක් වාර්තා කිරීමට අද(02දා) සමත් විය.
Read Moreඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreමත්පැන් බොන්නට රුපියල් 300ක් නොදුන්නැයි බහින්බස්වී උදැල්ලෙන් පහරදී 37 හැවිරිදි බිරිය ඝාතනය කළ සැමියෙකු කජු ගසක ගෙලවැලලාගන සියදිවි හානිකරහන ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි.
Read Moreගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read More