saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 460 hours ago

LATEST

කළුතර දුම්රියක් පීලි පනී

calendar_today 2025 ජන 06 - 07:54 remove_red_eye - 213  

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද (06) පෙරවරුවේ මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිරව තිබුණි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 34 කු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුද්ගලික අභිමතය පරිදි ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

ශ්‍රී ලංකාවේ භාවිතයට නුසුදුසු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකරන ලද විදේශීය රටක නිශ්පාදිත රුපියල් මිලියන 50ක් පමණ වටිනා කෘමිනාශක තොගයක් යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ

Read More

’අද’ පුවත්පත විසින් පසුගියදා (03දා) අනාවරණය කරන ලද ඕමානයේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් එරටදී විවිධ හිරිහැරවලට ලක්ව මියගිය හම්බන්තොට තරුණියට අදාළ සිද්ධිය සංචාරක වීසා මත සිදු කළ මිනිස් වෙළෙඳාමක් බවට තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ සහල් අලෙවියෙන් කොටගල එක්සත් වෙළඳ සංගමය ඉවත් විමට තිරණය කර ඇති බව එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් මහතා කියා සිටියේය.

Read More

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලයකට අත්හිටුවීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

Read More

පසුගිය රජය පාලනය කළ ආකාරයටම වත්මන් රජය රට පාලනය කරමින් සිටින බවත් අද වන විට රට පාලනය කරනු ලබන්නේමේ රජය නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවඑක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංජිත් මැද්දුම බණ්ඩාර මහතා පවසයි

Read More

දුමින්ද සිල්වා නමැති සිරකරුට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ පුවත් ප්‍රචාරය වුවත් එම ප්‍රචාර දැඩිව ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

“Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව රිය අනතුරු හා රථවාහන තදබදය අඩුකර ගැනීමට රථවාහන ව්‍යාපෘති 02ක් ක්‍රියාවට නැංවීමට ශ්‍රි ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

Read More

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බවත් එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බවත් කෘෂෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත අමාත්‍යවරයා පවසයි.

Read More

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

Read More

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. මේ වන විට විගණන වාර්තාවක් මගින් සහ තවත් තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

මෙම කර්මාන්තශාලා වල මේවන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් “Eco Tourism” ප්‍රවර්ධනය කිරීමටත්,දැනට ලංකාව තුළ සිදුවන නීතිවිරෝධී මත්පැන් භාවිතය අවමකිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් නිෂ්පාදනයකළ හැකි මිල අඩු,ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළෙඳපොළට හදඳුන්වාදීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා විසින් මෙහිදී සොයාබලන ලද

Read More

ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරු ස්ටීව් ස්මිත්ට සුවිශේෂී කඩයිමක් පෙනි පෙනී දැවී ගියේය.

Read More

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ ශ්‍රී ලාංකික කාන්තාවන් 200ක් පසුගිය වසර කිහිපය තුළ සිය දිවි නසා ගෙන ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය සඳහන් කරයි.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩාය ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම්කම් ලබා ගැනීමට අද(05දා) සමත් විය.

Read More

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවින් අසීරුවට පත්ව ඇති බවත් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇති බවත් ආර්ථික මධ්‍යස්ථනයෙ වෙලෙදුන් මෙන්ම ගොවින්ද කියා සිටී.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 43.4කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුනු 178ක් පමණි.

Read More

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් කීපයක් දියත් කරන බව නව යුද හමුදාපති ලුතින් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි.

Read More

දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් ඊයේ (4) සවස මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේ සිදුවුණි

Read More

මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මේ සඳහා වැය කළ මුළු මුදල රුපියල් 323,393,249 ක් බව සඳහන් වේ. එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේය.

Read More

2024 වර්ෂයේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ජනවාරි මස 8 වෙනි දින සිට12 වැනි දින දක්වා පැවැත්වීමට සූදානම් කොට ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව වඩාත් පුළුල් කිරීමට නව සැලැස්මක් යටතේ පියවර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සමග පසුගියදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ දෙදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ජනවාරි 08 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු 01/03 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. මෙයින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර එයින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

2025 වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේදී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කරයි.

Read More

පොදු ජන පෙරමුණු රජයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ වත්කම් ,දේපළ පිළිබඳව තමා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලබාදීම සඳහා අද (3) දින හිටපු අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණියේය. ඔහු සමග නීතිඥ සහය ලබාදීම සඳහා හිටපු ඇමතිවරයකු වන නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග පැමිණ තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මිය පත්කොට තිබේ. හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (3)දා මෙම පත්වීම සිදුකොට තිබේ. මීට ඉහත මෙම තනතුර දැරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.