saravita-anim2

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

Latest News - timelapse 454 hours ago

LATEST

මී උණ කිලිනොච්චියෙත් පැතිරෙයි, දෙදෙනෙකු මරුට

calendar_today 2025 ජන 07 - 13:56 remove_red_eye - 106  

යාපනය දිස්ත්‍රීක්කයෙ පැතිරී ගිය මී උණ රෝගය වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්යන්හීද හිස ඔසවා ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රෝගීන් දෙදෙනෙකු ගෙවුණ සතිය තුළදී මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් මහතා පැවසීය.

චීනයේ අද(07දා) අලුයහ හටගත් රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙරට තේ කර්මාන්තයේ ඵලදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් මේ වසරේදී එම කර්මාන්තයේ යෙදෙන වගා කරුවන්,කම්හල් හිමියන්,නිෂ්පාදකයින් සහ අපනයන කරුවන් සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

Read More

අද දින අළුයම් කාලයේදි ගල්කිස්ස පොලිස් වසමේදි නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙක්ද සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ පාසල්වල 2024 වර්ෂයට අදාළව මේ දිනවල පැවැත්වෙන අවසන් වාර විභාගයේ, 11 ශ්‍රේණියේ විභාග කටයුතු තාවකාලිකව නතර කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන වංචා කිරීම පිළිබඳව කරන විමර්ශනයට අදාළව සහාය අවශ්‍ය වුවහොත් ඉල්ලන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය රහස් පොලිසියට ඊයේ (06) දැනුම් දුන්නාය.

Read More

රජයට අවශ්‍ය වී තොග සංචිතයක් පවත්වාගෙ යාමේ අරමුණින් ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී මිලදී අලෙවි මණ්ඩලය පවසයි.

Read More

බස් රථවල සිවිල් ඇඳුමින් සැරසී රියදුරන් සිදුකරන වැරදි නිරීක්ෂණය කිරීම නවතා දමා මාර්ගයේ සිට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වසර තුනක පමණ කාලයක සිට දිවයිනේ බන්ධනාගාරවල පවතින නිලධාරීන් 1834 දෙනෙකුගේ හිඟය නිසා රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී එස්. දිසානායක මහතා සඳහන් කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

උතුරු මැද පළාතේ 11ශ්‍රේණියේ සිසු සිසුවියන්ට අද (6දා) පැවැත්වීමට නියමිතව තිබූ සිංහල විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යවල හුවමාරු වීම හේතුවෙන් තුන්වැනි වාර පරීක්ෂණයේ සිංහල විෂය පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව වාර්තාවේ.

Read More

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු දිනකට මාරක රිය අනතුරු වාර්තා වීම හතරක් පහක් අතර පමණ ප්‍රමාණයකටත් බරපතල තුවාල ලබන රියඅනතුරු 8-10 අකර ප්‍රමාණයකට අඩු වුණා. මේ මෙහෙයුම් ඉතාමත් ප්‍රතිඵලදායකයි. මේ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා නීත්‍යානුකූල නොවන සියලුම දේ ඉවත් කරන්න. ශ්‍රී ලංකා පොලීසිය කරන කරන මෙම රථවාහන මෙහෙයුම් නවත්වන්න යම් යම් කණ්ඩායම් කුමන බලපෑම් කළත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යනවා”

Read More

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වෙබ් අඩවිය විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යාංශය විසින් අද (06දා) ආරම්භ කෙරිණ.

Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වීරඹු ගෙදර ජය වඩනගම ප්‍රදේශයේ මාර්ග බාධකයක වාහන සෝදිසි කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර, එම පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලොරි රථ රියදුරෙකු සහ යතුරු පැදිකරුවෙකු රිමාන්ඩ් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ප්‍රතික්ෂේප කළේය.

Read More

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේදී අයුතු ජනරාසියක සාමාජිකයින් වී ,නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි ලංකා ගුරු සංගමය ලේකම් ජෝෂප් ස්ටාලින්, රැකියා විරහිත උපාධිධාරී සංගමයේ තැන්නේ ඤාණානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 34 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සියළු චෝදනාවලින් අද (06) නිදහස් කළේය.

Read More

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහල් මාෆියාවේ නායකයා යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා අද (06දා) පැවසීය

Read More

පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340/= ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බව සඳහන් කරමින් මාධ්‍ය පළකළ වාර්තා ගැන පාර්ලිමේන්තුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

කොටස් වෙළඳපොළ අද දිනයේදීද දැවැන්ත කඩා වැටීමකට ලක්විය. ඒ අනුව අද දිනයේදී සමස්ත කොටස් දර්ශකය ඒකක 170.8කින් පහළට ගොස් ඒකක 15 878ක් විය. ඒ අනුව පසුගිය සතියේදී ඒකක 16000 සීමාව පසුකර ගියත් යළිත් වරක් එම සීමාවෙන් පහළට ගියේය.

Read More

මහනුවර හන්තාන පරිසර අධි සංවේදී කලාපයේ අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් 1200 ක් පමණ කපා මහා පරිසර විනාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ මිශ්‍ර දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

Read More

මෙරට රාජ්‍ය සේවය තුළ ලක්ෂ පහළොවක පමණ පිරිසක් සිටියද පසුගිය කාලයේ රාජ්‍ය සේවයට අදාළව විවිධ පත්වීම් ලබාදීී ඇතත් ඒවා ලබාදී ඇත්තේ දේශපාලන අරමුණු පෙරදැරි කරගමින් මිස මහජන සේවය අරමුණු කරගෙන නොවන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

Read More

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

Read More

මාතලේ දිස්ත්‍රික්කය තුළ නව සුරාසල් විවෘත කිරීමට ඉඩ නොදෙන බවට මාතලේ සාසනාරක්ෂක බල මණ්ඩලයට සමස්ත ලංකා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් ගෙන ආ යෝජනාව ඒකඒකමතිකව සම්මත කෙරුනි.

Read More

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ලබන ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(06දා) නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් හා එක්ව පසුගිය වර්ෂය තුල (2024) සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම්, අනවසර භාණ්ඩ ජාවාරම් සහ අනවසර සංක්‍රමණ ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 407 ක් සමඟ, රුපියල් මිලියන 28158 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය හා මත්පෙති ඇතුළු අනවසරයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කල භාණ්ඩ විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට ස

Read More

2024 වසර තුළදී ඩෙංගු රෝගීන් 48897ක් වාර්තා වී තිබෙන අතර ඩෙංගු රෝගීන් 22ක් මරණයට පත් වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශය සඳහන් කරයි.

Read More

හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේදි කොන්ක්‍රීට් බැම්මකින් ඇඳ වැටුණ පුද්ගලයෙක් ජීවිතක්ෂයක්ට පත්ව තිබේ.

Read More

උතුරු චීනයේ ශ්වසන රෝග රැල්ල සාමාන්‍ය ශ්වසන රෝග පැතිරීමට සමාන වන බවත්, ඉන් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.

Read More

සහල් ආනයනය කිරීමට අවසර ලබා දීම යටතේ දෙවැනි අදියර ලෙස සහල් මෙට්‍රික් ටොන් 88000ක් මේ වන විට මෙරටට ගෙන්වා ඇත. මෙම සහල් තොගය කැකුළු සහල් ටොන් 34000 කින් හා තැම්බූ සහල් ටොන් 54000 කින් සමන්විත වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.