saravita-anim2

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි මස 26 වන බදාදා

Latest News - timelapse 407 hours ago

LATEST

නායකත්වයේ වගකීම ගත් බුම්රා ඉන්දීය කණ්ඩායම දිනවයි

calendar_today 2024 නොවැ 25 - 15:30 remove_red_eye - 350  

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 295ක ජයක් අත් කරගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(25දා) සමත් විය.

අමාත්‍යාංශ දෙකක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ විසිපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 27 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතාගේ මිණිබිරියගේ බොරැල්ල ඇල්විටිගල මාවතේ මැණින් ටවුන් මහල්නිවාස සංකීර්ණයේ නිවස බිඳ රුපියල් ලක්ෂ 31 කට ආසන්න රන් ආභරණ ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

පවතින මහා වැසි හමුවේ කතරගම මැණික් ගගේ ජලය බෙර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වලකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන් ගෙන් හා කතරගම ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Read More
ආයතන 14000ට නඩු
25 11 2024 11:02:00
0 330

සේවක අර්ථ සාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09 ක මුදලක් අය කර ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා වර්ෂයක කාල සීමාව තුල බාහිර පෞද්ගලික ආයතනවලට එරෙහිව නඩු 14,096 ක් පවරා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 11-22 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

Read More

මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජනබලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 159දෙනාගේ වැටුප් ජාතික ජනබලවේගයේ පොදු අරමුදලට බැර කිරීමට සියලුම මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වනෝද්‍යානය වන මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තිබී, ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුනොවුණු බිම්මල් විශේෂ වර්ග දෙකක් සොයාගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල පිවිසුම් කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කරයි.

Read More

වටවල ප්‍රදේශයේදී අද (25දා) ලංගම බස්රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

මෙරටට සීනි ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් මිලියන එක් ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවක් මගින් නොවැම්බර් මස 22වන දින අනාවරණය කරයි.

Read More

පස්සර පොලිස් වසමේ පේරාපදණිය - චෙංකලඩි මාර්ගය (බදුල්ල - බිබිල) මාර්ගයේ කිලෝමිටර් 143 හා 144 කණු අතර ප්‍ර දේශයේ මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනය නවතා දමා තිබුණි.

Read More

විදුලිබල මණ්ඩලය මේ වන විට ලාභ ලබන ආයතනයක් නිසා සේවකයන්ට ප්‍රසාද දීමනාවක් ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

Read More

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගත්තේය.

Read More

ඉදිරියේදී ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජල මූලාශ්‍ර 12 ක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 23 වන දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

Read More

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නොමැති බවත්, එය නිසි කලට, නිසි ක්‍රමවේදයක් අනුව සිදු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද වරදාන ඉදිරියේදී නොලැබී යන විට මාලිමාවෙන් හැර වෙනත් පක්ෂයකින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් මේ රජයේ පාලන කාලය හමාර වන විට එවැනි තත්ත්වයක් උද්ගත වනු ඇති බව කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු 11/23 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීම පියවර ගෙන තිබේ.

Read More

ජාතික ජන බල වේගයේ ජයග්‍රහණයට උතුරේ ජනතාව දායක වී තිබෙන්නේ විශාල බලාපොරොත්තු සමුදායක් සමඟ බවත්මීට පෙර කිසිදු පක්ෂයකට එම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වූ බවත්මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහළම වටිනාකම බවට රිෂාබ් පාන්ට් බවට පත්විය. ඒ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 27ක මිලකට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම මිලදී ගැනීමත් සමගිනි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දක්වා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසිවලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩකය ෂෙර්යාස් අයියර් වාර්තා අතරට එක්විය.

Read More

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් 24 දින දහවල් පෙරළි යාමෙන් එහි ගමන් කල පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කල ඉතිරි කතෝලික පියතුමේකු ඇතුළු පසු දෙනෙකු බේරා ගෙන ඇති බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි මාර්ග කිහිපය පැවති ගංවතුර තත්වයන් හේතුවෙන් කිඹුල්ලු මාර්ගවල පැමිණ ගෙවතුවල සිටියදී වනජීවි නිලධාරීන් සහ අසල්වසීන් විසින් ඔවුන් අල්ලා මුද හැරීමට කටයුතු කොට ඇති අතර ජනතාවට පරික්ෂාකාරීව සිටින ලෙසට දැනුම් දී ඇත.

Read More

රත්නපුර පොලිසිය තුල පිහිටි වාහන ගාල් කරන ස්ථානය තුල පොලිස් නිළධාරියෙකු වැටි රෝහල් ගත කරන විටත් මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි.

Read More

වෙහෙර විහාර සඳහා මිනිසුන් පුජා කරන දේ ධාතු ගර්භ වෙහෙර විහාර වල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භු විද්‍යාව සම්බන්දව වසර 40 ගනනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කිරිමේ හෝ ගල් උණු කර දැමිමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

අයි.පී.එල්. 2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(24දා) සහ හෙට(25දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මහරගම කොළඹ පාරේ වත්තේ ගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඉදිරිපිට නිදා සිටි පුද්ගලයෙකු ඩිපෙන්ඩර් ජීප් රථයකට යටකර බරපතල තුවාල සිදුකර පලා ගිය රියදුරු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රැගෙන ඒම අලෙවි කිරීම ගබඩා කිරීම ඇසුරුම් කිරීම මෙන්ම ඇතුළත වාහන ක්‍රියාත්මක කිරීම සඳහා නව නීතිරීති ක්‍රියාත්මක කිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය තීරණය කොට තිබේ.

Read More

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.