saravita-anim2

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි මස 26 වන බදාදා

Latest News - timelapse 397 hours ago

LATEST

සහන දෙන්න අවශ්‍ය තරම් මුදල් වෙන් කරන්න

calendar_today 2024 නොවැ 27 - 17:25 remove_red_eye - 150  

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.

අවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර දුන්නේය.

Read More

පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Read More

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවන විවිධ හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට හා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම වෙනුවෙන්ම විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ‘Clean Sri Lanka’ නම් වූ ව්‍යාපෘතියක් 2025 වසර තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (27දා) ​අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.

Read More

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගල මරණ 2ක් වාර්තා වන බව පොලිස් මාධ්‍යප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27දා) ආරම්භ වේ.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමග යාපනය ඒ -9 මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජයලයෙන් යට වී තිබේ.

Read More

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

කළුතර මාළු දැලකට අඩි 10 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ පැටලී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 26 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Read More

පවතින තද වැසි තත්ත්වය හෙට (28දා) දිනයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් අඩු වී යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එහෙත් 11/26 දින රාත්‍රී 09.00 චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය , වැසි තත්වය පැවතියත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී තිබේ .

Read More

දැනට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හා දැඩි වර්ෂාව හේතුවෙන් ගුරු භවතුන්ට හා සිසුන්ට පාසල් වෙත පැමිණීමේ අපහසුතාවයක් ඇති බැවින් මුස්ලිම් පාසල් සඳහා අද 27 නිවාඩු ලබාදෙන ලෙස මුස්ලිම් පාසල් විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය හිමිව ඇති බැවින් බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව බණ්ඩාරවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය

Read More

ජාතික ජන බලවේගයේ මහ ලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට අයත් සුඛෝභෝගී මෝටර්රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේ ජල පොකුණට වැටීමෙන් අනතුරට ලක් වූ බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.

Read More

ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

Read More

වාහන ආනයනය කිරීම ලබන වසරේදී අදියර කිහිපයක් යටතේ සිදුකරන බවත් එහිදී සංචිත පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

නොවැම්බර් මාසයේ 24 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 145 669ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලින් දැක්වෙයි. 2023 නොවැම්බර් මාසය පුරාවට ශ්‍රී ලංකාවට සංචාරකයන් 151 496ක් පැමිණ තිබුණි. ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී එම අගය අභිභවා යාමට අවස්ථාව පවතී.

Read More

අයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඉන්දීය රජයේ මෙන්ම චීන රජයේ නිල ආරාධනා අනුව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී එම රටවල් දෙකේ නිල සංචාර සිදුකරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන උනාපූරුවේ ශාන්ත නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාලයට අයත් බව පැවසෙන අයිස් සහ හෙරොයින් කිලෝ හැත්තෑ දෙකයි ග්‍රෑම් හයසිය හතලිහක සමග දෙදෙනකු අද (26) දා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ලබන වසර සඳහා ඇණවුම් කළ යුතු ඖෂධ නියමිත පරිදි ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා නව යෝජනා 2024/12/06දාට පෙර මහජන උපයෝගීතා කොමිෂමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දකුණු කොරියානු රැකියා සඳහා බඳවාගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රි ලාංකික තරුණියක ඇතුළු තරුණයින් 91 දෙනෙකු අද දින (11/26) UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.

Read More

’’එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති’’ බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මතභේදයට තුඩු දී ඇති වේයන්ගොඩ නිදන් හෑරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින් ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.