saravita-anim2

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2025 පෙබරවාරි මස 26 වන බදාදා

Latest News - timelapse 375 hours ago

LATEST

උඩරට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

calendar_today 2024 දෙසැ 02 - 11:03 remove_red_eye - 34  

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා දුම්රිය ධාවනය පෙර පරිදි අද (02) සිට ධාවනය කරනු ලබන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම පැහැර හරිමින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ පමණක් ලියාපදිංචිව සිටින සේවා යෝජකයන් සංඛ්‍යාව 2024නොවැම්බර් මස 15වැනිදා වනවිට25,610 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ විගණන අංශය මගින් අනාවරණය කර ඇත.

Read More

විදුලි වැටවල් ඉදිකිරීම සහ එහි නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර (2021-2023)තුනක කාලයෙහිදී රජය විසින් රුපියල් දෙසිය තිස්පන් කෝටි,පනස්අට ලක්ෂ,අසූ දෙදහස් දෙසිය හතළිස් අටක මුදලක් (2,355,882,248) වැයකොට ඇතත් අලි මිනිස් ගැටුම් අවම වීමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට පෙරේදා (30දා) දිනය වන විට වනඅලින් 330 ක් මරණයට පත් වී තිබෙන බව වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.

Read More

දුම්රිය රියදුරන්ට අතිකාල ගෙවිය යුත්තේ සතියට පැය 42 කට වඩා වැඩියෙන් සේවය කරන ලද පැය ගණන පදනම් කර ගෙන වුවත් 2007 වර්ෂයේ සිටම සතියට පැය 42 අඩු කිරීමකින් තොරව අතිකාල ගෙවා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ 2023 විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

මෙරට උද්ධමනය තවදුරටත් පහළ බැස තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ඔක්තෝබර් මාසය සඳහා -0.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් වගා හානි වූ තමන්ටද වන්දි මුදලක් ලබා දෙන ලෙස වගා හානියට පත් උඩරට එළවළු ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න සහ කුරුඳුගහ හැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී අද (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

මාතලේ ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක සිදුකරන ලද කෝටි හතක මැණික් හා මුදල් ස්වර්ණාභරණ මංකොල්ලකෑමට අදාළව සැලසුම සිදුකල භික්ෂූන් වහන්සේ නමක් සමග සැකකරුවන් 10 දෙනෙකු හා මුදලින් රුපියල් ලක්ෂ 23 ක් මැණික් ස්වර්ණාභරණ මුදල් සමග අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට යෝජිත මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහාවූ පරිපූරක පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන පරීක්ෂාවට ඉදිරිපත් කර ඇත.

Read More

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

Read More

සහල් මිල පාලනය කිරීමට රජය වහා මැදිහත් නොවුනොත් එළඹෙන උත්සව සමයේ කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට ටද, නාඩු කිලෝවක් රුපියල් 270 කට සහ සම්බා කිලෝවක් රුපියල් 290 ක් දක්වා මිල ඉහළ යෑම වළකාලිය නොහැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

මේ අතර දීග දන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබේ. මේ අතර දීඝ දන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබිණි.මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ ගංවතුර තත්ත්වය ​හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) සභාපති ලෙද ජේ ෂා අද(01දා) සිට වැඩ ආරම්භ කර තිබේ.

Read More

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට කොට්ටාශ 15 ක බලය හිමිවූ අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතාත් උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ මහතාත් පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

Read More

පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

කාසල්රි, මවුස්සාකැලේ සහ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී ඊයේ (30) සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

2009 වසරේදී මෙරටින් පිටවගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙක් එම රාජ්‍යයේ සිට ත්‍රස්තවාදි කණ්ඩායමකට මුදල් එකතු කර ලංකාවට පැමිණ කොළඹ ප්‍රදේශයේ හා වන්නි ප්‍රදේශයේ මුදල් බෙදා හැරිම සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියොගයක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධික වේගයෙන් සුඛෝභෝගී ජීප් රථයක් ධාවනය කරමින් මහරගම පමුණුව ප්‍රදේශයේදී වාහන හතක් අනතුරට ලක් කර පුද්ගලයකු මරණයට පත් කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ජීප් රථ රියදුරු ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළේය.

Read More

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වී අලියා ලකුණින් තරග කළ යුතු යැයි ද මෙය එම පක්ෂ දෙකේ පාක්ෂිකයින් මෙන්ම රටේ බහුතර ජනතාවත් අපේක්ෂා කරන්නක් වන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

මිල සංශෝධනය කර ඇති අයුරු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අත නව මිල රුපියල් 286 කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් කර නොමැති අතර එහි මිල 313කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

Read More

හම්බන්තොට වරාය මගින් පළමු වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරුව ආරම්භ කර ඇත. ඒ අනුව, සිංගප්පූරු සමාගමක් වන ෂිප්ලෝඩ් මැරිටයිම් සමග එක්ව ලාෆ් ගෑස් සමාගමේ නෞකාවකට ද්‍රව පෙට්‍රෝලියම් වායූ හුවමාරුව සිදු කර ඇති බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කර ඇත.

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුවී ඇත

Read More

කාර්තිව් - මාවඩිප්පලි මාර්ගයේ ට්‍රැක්ටරයක් ජල ප්‍රහාරයකට හසු වීමෙන් සිදු වූ අනතුරේදී අතුරුදන්ව සිටි අවසන් පාසල් සිසුවාගේ මළ සිරුර අද (30) සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

Read More

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

Read More

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ, නව රජයේ වැඩපිළිවෙළ අනුව මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් ලෙස සලකන බවයි. දේශීය ආර්ථික හා සමාජ අර්බුද ඇති කරමින් රටේ අනාගතය අඳුරු කිරීම කෙරෙහි දරුණු බලපෑම් ඇති කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව අඛණ්ඩ ව පවත්වාගෙන යා යුතු බවත් ඇය මෙහි දී අවධාරණය කළා ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.