අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.
බටපොල මහගංගොඩ ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවෙකු (03) දියේ ගිලී මියගොස් ඇති බව බටපොල පොලීසිය කියයි.
Read Moreපොළොන්නරුව දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ප්‍රදේශයේ පසුගිය දිනෙකින් පිහියෙන් ඇන තම පුතා මරණයට පත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරගතව කර සිටි අවුරුදු 47ක් වයසති අයෙකු 03 වෙනිදා සවස රිමාන්ඞ් බන්ධනාගාර තුළදී ගෙල වැලලා ගැනීමෙන් අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව පොලිසිය කියයි.
Read More2024 ජනාධිපතිවරණයේ ආරක්ෂක අංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ගේ තැපැල් ජන්දය විමසිම (04) දින උදැසන 8.30 ට ආරම්භ කළේය.
Read Moreරුපියල් 60000/= ක අල්ලස් මුදලක් ලබාගත් කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read Moreඒ අනුව ජාතික ජන බලවේගයේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරන බවත්, එලෙස පරාජය කළ හැකි අය සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.
Read More2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවේ.
Read Moreනියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි ඊයේ (03දා) තීන්දු කළේය.
Read Moreහිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03දා) නියෝග කළේය.
Read Moreපිරමීඩාකාර මූල්‍ය ගනුදෙනුවලින් ජනතාවගේ රුපියල් කෝටි 1500ක් වංචා කළැයි කියන පොළොන්නරුවේ ‘ස්පොට්ස් චේන්’ නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ දෙවැනි පෙළ නායකයන් බව කියන සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) නියම කළේය.
Read Moreගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් (කිලෝ මීටර් 501 ක් ) ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නෞකාවක හැපීමෙන් සිදුවු අනතුරකින් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති අතර ධීවරයින් හතර දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මගින් බේරා ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreඑලඹෙන 22 වැනිදාවින් පසු ආර්ථික විප්ලවය ආරම්භ කර සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreජාතික භික්ෂු පෙරමුණ විසින් පැවැත්වූ ජාතික සඟ සමුළුව පිළිබඳ අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශ සිදු කළ අජිත් පී.පෙරේරා මහතාගෙන් රුපියල් මිලියන දෙසියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ තරුණියන් 83 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 4,368 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කිරීම සඳහා පන්විල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජන හමුවකට පැමිණි පිරිසකට ලබාදීම සඳහා සූදානම් කොට තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්විසින් ඔවුන්ගේ භාරයට ගෙන පන්විල පොලිසියට භාරදී තිබේ .
Read More2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreගොවී ජනතාවට සහනයක් ලබාදීම ඔවුන්ට සහායක් ලබාදීම වෙනුවෙන් සියලු ගොවින් ලබාගෙන ඇති සියලු වගා ණය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.
Read Moreමෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතිබව වාර්තා වෙයි.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය අද ( 03) වැනි දින පෙරවරු විවෘත කරන ලදිි .
Read Moreභූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ අයිතිවාසිකම් පනත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
Read Moreජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක් කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 - 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැහැ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේ
Read Moreහෙට (04) අනිද්දා (05දා) හා 06දා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11දා හා 12 දා යන දිනවලදීද සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඅඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි .
Read Moreඑහීදි තමා ගත් තීරණය ගැන ප්‍රකාශය මගින් සඳහන් කළ මන්ත්‍රීවරයා පසුව සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණීමටද කටයුතු කළේය.
Read Moreකරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03දා) දිවුරුම් දුන්නේය.
Read More’’මම දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති උනා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති බව ’’
Read More2024 ජනාධිපතිවරණයට අදාල නිල ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල වෙත (03) දින ලැබි තිබු අයුරු දක්නට ලැබුණි. තැපැල් කාර්යාල වෙත ලද සියළුම නිල ජන්ද පත්‍රිකා මුද්‍රා තබා වතු ආශ්‍රිතව, ග්‍රාමිය සහ නගර වශයෙන් වෙන් කරගනිමින් එම ප්‍රදේශය භාර ලිපිකරුවන් හරහා (03) දින සිට බෙදා හැරිම සිදු කරන බවයි තැපැල් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයෙකු 09/02 දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More