මෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල් වඩමක් සහ ටි 56 ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි
Read Moreඅමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.
Read Moreමාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
Read Moreහිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රා දේශීය ලේකම් කොට්ටඨාසයේ පුද්ගලයන් 100000ට පමණ සිය ගමනා ගමන හා ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චන්කර්නි පාලමේ ඉදිකිරිම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කරන බව මුදල් අමාත්‍යාංශ කියයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද 22 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900 ක් පමණක් බවත් එය ලැබුණු විගසම අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක් ක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බව වෙළෙන්දෝ වැඩිදුරටද පෙන්වා දුන්නේය
Read Moreසුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 07ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනය සඳහා නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන විමර්ශන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට රහස් පොලිසියට අද (22) නියම කළාය.
Read Moreජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් භාණ්ඩ වර්ග 10ක මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම අද (22දා) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස නිවේදනය කරයි.
Read Moreඉතාලියේ සහ රුමෙනියාවේ රැකියා දෙන බව පවසමින් අතරමැදියකුගේ බැංකු ගිණුමක් යොදාගෙන විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු කළාතු ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.
Read Moreසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
Read Moreමෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන ලදී.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අලෙවිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රැදී සිටින විජේරාම මාවතේ අක්කර එකයි පර්චස් 13ක ඉඩමේ සකස් කර ඇති නිල නිවස වර්ග අඩි 33000ක් පමණක් බවත් රජයේ තක්සේරුව අනුව එම දේපලේ වටිනාකම රු. කෝටි 350ක් පමණ වන බවද ජනපතිවරයා පැවැසිය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් පමණක් වන බවට තක්සේරු දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අද (22දා) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිට වෙත භාර දී තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.
Read Moreකුකුළු මස් කොටස් චීනයට අපනයනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටිනවා.
Read Moreබහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.
Read Moreප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22දා) අභාවප්‍රාප්ත විය.
Read Moreදිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් යටතේ දින දෙකකදී ගබඩා 30ක් සකස් කිරීම අවසන් කර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
Read Moreකෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලයෙහි ලොකු ලූනු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස්තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑදහස්හත්සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreමහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 39ක ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් මිලදී ගෙන තිබූ ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත නොකර ජලසම්පාදන අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreටෙන්ඩර් පටිපාටියකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදීම පිණිස ව්‍යාපාරිකයන් දෙදෙනකු ගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගත් බව කියන හිමි නමක අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreකොස් ගසක අතු කපමින් සිටියදී, කොස් අත්තක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (21දා) ජීවිතක්ෂයට පත් වූ බව හුරිගස්වැව පොලිසිය පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙහි සංශෝධන කිහිපයක් සිදු කර ඇති බවත්, ඉදිරි කාල සීමාවෙහිදී කළ හැකි ගැලපීම් සමාලෝචනය කර තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
Read Moreඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලය සතු භාණ්ඩ වට්ටෝරු පොතේ ඇත් දළ යුගළ දෙකක ඌනතාවයක් ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පැමිණිල්ලක් යොමු කර ඇතයි රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය පවසයි
Read Moreඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇ
Read Moreමේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව අපරාධයකින් උත්පාදිත දෙය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය ලැබී තිබේ.
Read More