සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව ආණ්ඩු මතවාදයට විරුද්ධව කටයුතු කරන සෑම පුද්ගලයකුම හා කණ්ඩායමක්ම එකතු කර ගැනීමේ සාකච්ඡාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දුරකථන ලාංඡනය මුල් වෙමින් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සන්ධානයක් නිර්මාණය විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය තුල යටි අරමුණ
පරසන්ගස්වැව පොලිස් වසමේ පරසන්ගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (27දා) පස්වරුවේදී, 20 හැවිරිදි තරුණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට ඇති බව, පරසන්ගස්වැව පොලිසිය පවසයි.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීය.
Read Moreපොල්පිතිගම පොලිම් වසමේ ගල්ටැංවැව හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගාම ප්‍ර දේශයේදි ගල්ටැංවැව සිට හිරිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකාරිය ඇඳගෙන සිටි සාරියෝ කොටසක් යතුරු පැදියේ පිටුපස රෝදයට හිරවි යතුරුපැදිය මාර්ගයේ පෙරළිමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ උද්ගතව තිබෙන ගැටළුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreසිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) පසුගිය 23 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Read Moreපස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවධානම මත රාත්‍රී කාලයේදී තාවකාලිකව වසා දැමුණ මහනුවර මහියංගන මාර්ගය වාහන ගමනාගමනය සඳහා ඊයේ (27) රාත්‍රියේ සිට නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
Read Moreඅද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි දේශපාලන කටයුතු එක්ව සිදු කිරීමේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් අද (28දා) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘අද’ පුවත්පතට පැවසීය. එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
Read Moreළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More- මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට්ටුවකින් නිකුත් කෙරේ - වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනයට අවසර හිමිවේ - ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට පුළුවන් - වෙනත් ඕනෑම අයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනයට අවසර ලැබේ - ආනයනයෙන් දින 90ක් තුළ විකුණා ගැනීමට නොහැකි වුවහොත් ආනයනකරු නමින් ලියාපදිංචි කිරීම හෝ දඩයකට යටත්වීමට සිදුවේ
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.
Read Moreඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක් ලබා දීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා මහතා සඳහන් කළේය.
Read Moreවසර 28කට පසුව අපනයන සංවර්ධන අමාත්‍ය සභාව (EDCM) ක්‍රියාත්මක වේ. ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා - ජනපති අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේදී පවසයි
Read Moreදිස්ත්‍රික්ක 15 ක් තුළ තිබෙන වී ගබඩා 84ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් භාවිතයට සුදුසු අයුරින් යථාතත්වයට පත් කිර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
Read More2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
Read Moreජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ වටිනා ගස් 90ක් නීති විරෝධී අයුරින් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ වතු කළමනාකාරවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකළ බව පොලිසියය කියයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ දක්වා ඇති පරිදි උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය.
Read Moreකෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ් රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී ඊයේ (26)දා අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි .
Read Moreහිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.
Read Moreවී කිලෝවක් වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ යුතු සහතික මිල ප්‍රකාශ කිරීම පමා කරන්නේ හිතා මතාම යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.
Read Moreවී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read More2024 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකය සම්මානය ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඕමර්සායි දිනාගෙන තිබේ.
Read Moreමහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.
Read Moreබද්දේගම නාගොඩ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් කැප්පිටියාගොඩ අඟුරුවල පාලමෙන් පහළට ඇද වැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නාගොඩ පොලීසිය පවසයි .
Read Moreජනවාරි මාසයේ මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 177043ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට 8000ක අගයක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙහි වර්ෂයකට මත්පැන් හේතුවෙන් පුද්ගලයන් 20000ක් පමණ මිය යන බවත්, ඒ හේතුවෙන් දරුවන් 40,0000 ක් පමණ අසරණ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර, දුම් කොළ, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝගය කර තිබේ.
Read More