saravita-anim2

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

Latest News - timelapse 282 hours ago

LATEST

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

calendar_today 2024 සැප් 21 - 09:01 remove_red_eye - 854  

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

ලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය..

Read More

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත්වෙන හෙට (21) දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූගත කිරීම හා වීඩියෝගත කිරීම හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවා මුදා හැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකැයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Read More

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Read More

මිදිගම ගොවියාපාන පාලම අසලදී ඊයේ( 19) මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 11500 ක් හා ත්‍රිරෝද රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

අද පෙරවරුවේදී දෙහිවල පොලිස් වසමේ නැදිමාල ක්‍රීඩා පිටිය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ( බිරිඳගේ මව ) , දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් 09/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ’’සේද මාවත ’’ (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

Read More

සිම්පත් නිකුත් කිරීමේදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ සියලු දුරකථන සමාගම්වලින් ලබාගත හැකි උපරිම සිම්පත් ප්‍රමාණය 05කට සීමා කරන ලෙස පාර්ලිමේන්තුවට නිර්දේශයක් ඉදිරිපත් වී තිබේ.

Read More

මැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසන්නේ, 22 වැනි ඉරිදා දුරගමන් සේවා දුම්රියද ක්‍රියාත්මක වන බවයි. එමන්ම කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(21දා) උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලයෙහි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

වසර ගණනකට පසු මෙට්‍රීක් ටොන් ලක්ෂ7.2ක වාර්තාගත සහල් අතිරික්තයක් මෙම වසරෙහිදී වාර්තා වන බැවින් සහල් ආනයනය කිසිසේත් අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇස්සතමේන්තු ගත බදු ආදායම රුපියල් බිලියන 3,789ක් රජය විසින් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව රත්නායක මහතා පැවසුවේය.

Read More

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබූ නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද (19දා) මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

අද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා පෞද්ගලිකව ඔවුන් අතර ඇති වූ ගැටුම් මත සිදුවූ බව නිරීක්ෂණය වන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙම සිද්ධීන් දේශපාලන පසුබිමක් හෝ දේශපාලන ක්‍රියාකාරකම් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

Read More

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළධාරීන්ගේ උපදෙස් මත පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්..අමිර් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

Read More

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

බාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට අයත් කොළඹ ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (19) නියම කළේය.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ආගිය අතක් නැති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරවිල පොලීසිය සඳහන් කරයි.

Read More

නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. එසේම මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවද වෙනමම පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් තුල වෙඩි තැබීමකින් 19 දා අලුයම එහි ව්‍යාපාරිකයා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි .

Read More

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් මස 17 දා සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කෙරුණු අද දින දක්වා නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් 668,676 ක් පොලීසිය මගින් ඉවත් කර එවැනි තවත් පෝස්ටර් 219,203 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් 19 වෙනිද පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.

Read More

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත් 18.රාත්‍රි 10.45 ත් 11.00 අතර කාලයේ වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට අදාල සමාලෝන කටයුතු වෙනුවෙන් තවත් සති දෙකකින් එම අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණීමට නියමිත බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.