saravita-anim2

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා

Latest News - timelapse 273 hours ago

LATEST

අනුර කුමාර දිසානායක 09 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙයි

calendar_today 2024 සැප් 23 - 10:00 remove_red_eye - 108  

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) දාතමින් නිකුත් කර කෙරිණි .

Read More

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ජනතාව භාරදුන් වගකීම ඉටුකිරිමේ අභියෝගය භාර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය. අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ. නව ජනපතිවරයෙක් ජනතාව විසින් තෝරාපත් ගැනීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.

Read More

අභිනව ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීම තවත් නොබෝ වේලාවකින් ජනපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතය. ඔහු අගවිනිසුරුවරයා ඉදිරියේ නව ජනපති ලෙස දිවුරුම් දෙන ඇත. දිවුරුම් දීමේ උත්සවය ජනපති ලේකම් කාර්යාලයේදි පැවැත්විමට නියමිතය.

Read More

අනුර කුමාර දිසානායක මහතා ජනපතිධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුව තුළ හිස්වූ ජාතික ජන බලවේගයේ අසුන වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුරට පසුව මනාප ලැයිස්තුවේ සිටින ලක්ෂ්මන් නිපුනාරාච්චි මහතා පත්විමට නියමිතය. මැතිවරණ කොමිෂම මගින් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතය.

Read More

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”- ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

Read More

මහ මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බව නව ජනපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හෙට (23දා) පෙරවරුවේ කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත් පත් කර ගැනිමට ශ්‍රී ලාංකේය ජනතාව තීරණය කර තිබේ. මෙවර මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට පළමුවර සියයට50 ඉක්මවා යන ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි මනාපය ගණනය කිරිමට සිදුවිය.දෙවැනි මනාපයද ගණන් කිරීමෙන් අනතුරුව එම අගයන් පළමු අගයට එකතු කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපතිවරයා ලෙස තේරී පත්විය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයෙහි ඊයේ (21දා) සවස 06.00 පමණ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබේ .

Read More

ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ලක්ෂ 13කින් පමරණ මැතිවරණය ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

Read More

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්.ජයසිරි අභාවප්‍රාප්ත විය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය නිකුත් කර තිබේ.

Read More

අනුර කුමාර දිසානායක මහතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

දිවයින පුරා පැනවූ ඇඳිරිනීතිය අද(22දා) මධ්‍යහන 12 දන්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද(21දා) රාත්‍රී 10සිට හෙට(22දා) උදෑසන 06 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබේ.

Read More

සැප්තැම්බර් 23 දා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම විශේෂ රජයේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කරනු ලැබීය.

Read More

ජනාධිපතිවරණයට අදාළව යම්කිසි තොරතුරක් දැනුම් දීමට ඇත්නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙකු ඡන්දය භාවිතා කිරීම සහ ඡන්දය භාවිතා කිරීමෙන් පසු ලබා ගත් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

Read More

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

රත්ගම ආසනයේ මාදම්පා මධ්‍ය විදුහලේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට ඡන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.

Read More

වරාකාපොල, බෞද්ධ විද්‍යාලයේ පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථානයේදි සිය ඡන්ද පත්‍රිකාව දෙකට ඉරා දැමූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 09/20 දින රාත්‍රී ඔහු ආපසු හරවා යවා තිබේ.

Read More

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.