saravita-anim2

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

Latest News - timelapse 306 hours ago

LATEST

ආන්දෝලනයට තුඩුදුන් නිදහස් කිරිම ගැන නිතිපති පහදයි

calendar_today 2025 පෙබ 09 - 09:31 remove_red_eye - 449  

මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණය යටතේ අත්අඩංගුවට ගෙන සිටි බව සඳහන් කරමින් නිදහස් කළ සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අය නොවන බව නිතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදීත් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අඛණ්ඩව තෙවැනි වතාවටත් ශ්‍රි ලංකාවේ විදෙස් සංචිතය සුළු වශයෙන් පහළ ගොස් තිබේ. මේ අනුව ජනවාරි මාසයේද ශ්‍රි ලංකාවේ නිල විදෙස් සංචිතය සියයට 0.9කින් පහළ ගියේය.

Read More

මිලියන 1100 වැය කොට මහපොළ අරමුදලෙන් SLIIT ආයතන ඉදි කිරීම පිළිබඳව වෝහාරික විගණනයක් සිදුකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

බියගම සියඹලාපේ විහාරස්ථානයක් අසළදි පුද්ගලයෙක් පැහැරගෙන ගොස් සියඹලාපේ ප්‍ර දේශයේ නිවසකට රැගෙන ගොස් පහරදුන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

පොලිසියේ ඉහළම නිලධාරීන් 7 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථාන මාරුවිම් ලැබූ පොලිස් නිලධාරින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.

Read More

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.

Read More

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.

Read More

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සෙවනගල, නෙලුම්වැව ප්‍ර දේශයේදි නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

2025 ජනවාරි මස 20වදා වන විට රුසියානු හමුදාව සමඟ එක්වී සිටින ශ්‍රී ලංකික අයවළුන් අතරින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවෙදී අද (07) ප්‍රකාශයක් සිදුකලේය.

Read More

ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.

Read More

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

Read More

වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන ඇතැම් ලුණුවර්ග ප්‍රමිතියෙන් තෙර බවත්, සැලකිය යුතු මුදලකින් මිල ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

Read More

ලබන මස 10වන දින සිට දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් දුම්රිය සේවකයෝ සඳහන් කරති.

Read More

බොහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් දෙසියත් දෙසිය පනහත් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු නිවෙදන සහිත සැකකරුවන් තිදෙනෙක් ඩුබායිහිදි අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබුණු රුපියල් කෝටි 40 ක අරමුදල් වසර 2 ක කාලයක් තුළ කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

Read More

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්ව තිබේ. වසර දෙකක ධුර කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඇයගේ ධුර කාලය 2027දී ඇරඹීමට නියමිතය..

Read More

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාඩෝ රථයක චැසි සහ එන්ජින් අංක භාවිතා කරමින් ලියාපදිංචි කර භාවිතා කළ බව කියන නීති විරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක කොටස් ස්ථාන කීපයක සඟවා තිබියදී අද (6) අලුයම සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි

Read More

යපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්කටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) සවස අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.

Read More

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.

Read More

ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා අද (06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණි.

Read More

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද අද (06) නියම කළේය.

Read More

රජය මගින් නාඩු වී සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීමට පෙර ඉකුත් 5දා දක්වා, පෞද්ගලික වෙළඳුන් නාඩු කිලෝවක් රුපියල් 130ක මිලකට, මිලදී ගත් බවත් රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන් ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට පැමිණ, අද (6දා) සත්‍යග්‍රහයක නිරත විය.

Read More

2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාහන ආනයනය කිරීමට යෙදවූ වැඩ පිළිවෙල තමන් කළාක් මෙන් වත්මන් ආණ්ඩුව හැසිරීමක් පෙනෙන්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.