saravita-anim2

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා

Latest News - timelapse 2 hours ago

LATEST

ස‍ියා හා මිත්තණිය මරා දැමූ මුණුපුරා අල්ලයි

calendar_today 2025 අප්‍රේ 12 - 21:18 remove_red_eye - 292  

සාලියවැව පොලිස් වසමට අයත් දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී කිරි අම්මා සහ සීයා (පියාගේ මව සහ පියා) අද (12) දහවල් ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනයකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මුණුබුරෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.

හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 190ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 830 ක් ද සමඟ ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරි‍මේ අපරාදධයට යොදාගත් ටී. 56 ගිනි අවිය හා එම මැගසිනය සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විණි.

Read More

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක - 106 - හඳුන්වා දී ඇති අතර, ඒ මගින් සෘජුව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබේ.

Read More

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු 04/12 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.

Read More

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු 04/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී , රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙතෙක් පොළොන්නරුව ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ (10) සිදු කළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ආරම්භ කිරීමට නියමිතව ඇත.

Read More

කෙනෙකුගේ ඇඟට රතිඤ්ඤා දැමූ විට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි.

Read More

විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යෝජනාවක්.

Read More

ලංකා ධිවර සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි කිරිම හේතුවෙන් සංස්ථාව වෙත රුපියල් හතලිස් හත් කෝටි හැට එක්ලක්ෂ හැට හයදහස් එකසිය හැට දෙකක මුදලක් (476,166,162) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

වර්තමානය වන විට පොලිස් සේවයේ පුරප්පාඩු 26,047ක් පවතින බවත්, ඊට අමතරව සහය සේවා තනතුරු පුරප්පාඩු 1,827ක් තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

පොලිසියෙන් ආයුධ හොයන්න ආ බව කියා දෙදෙනාගෙම අත්බැඳ ඇඳේ වාඩි කරලා ඔහුන් පැළඳ සිටි රන් ආභරණ කොල්ලකරුවෝම ගලවා ගනිති පැය දෙකක පමණ කාලයක් නිවස තුළ රැඳී ඉඳලා. ග්‍රාම නිලධාරීවරයාගේ යතුරුපැදියෙන්ම කොල්ලකරුවෝ පලායයි

Read More

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යාහන 12 දක්වා පමණක් සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගයක් ප්‍රවාහනය කල ලොරි රථයක් (01) සහ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.

Read More

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

උප්පැන්න සහතික ගැටළු, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම් ගැටළු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් ගැටළු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 35 ක් යළි භාරගන්නා ලෙස අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1 737 141 සඳහා රුපියල් බිලියන 12.63ක් හා සුදුසුකම් ලැබූ අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580 944 කට රුපියල් බිලියන 2.9ක්ද හෙට (11) වැනි දින බැංකු ගත කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

රාජකාරී වැඩ තහනමට ලක්ව තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මහත මුදාහරින ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

Read More

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (10දා) පැවැත්වේ.

Read More

• මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී ලබාදුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නැහැ.

Read More

අද දින ( 10 ) පෙ.ව. 7.00 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කිරීමට විධායක සභාව තීරණය කර ඇත

Read More

​ඩුබායි සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩාම් සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු පිස්තොල අවියක්, රිවොල්වර අවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.

Read More

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.