ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව අවසානයේ කොළඹදී පවත්වන රැළියේදී කිසිඳු විශේෂ ප්රකාශයක් නොකර බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම තමා හැමදාම සිදුකරන්නේ ප්රකාශ යැයිද ඔහු සඳහන් කළේය.
හිරිපිටියාගමදී ඊයේ (30දා) පැවැති ආගමික උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන රැළියට හයිඩ් පිටිය ලබානොදීමට ගත් ක්රියාමාර්ගයට විවේචන ඉදිරිපත් කළ හිටුපු ජනපතිවරයා ඒ වෙනුවන් ගත හැකි පියවර පිළිබඳව සෙයා බැලීමට නීතිඥවරුන්ට පවරන බවද පැවැසීය.
පාද යාත්රාවට සහභාගිවූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සඳහා එහි මහලේකම් ගන්නා විනය ක්රියාමාර්ග පිළිබඳව බලාගෙන සිටින බවත් දියපට්ටා එන තුරු පාද යාත්රා ගොස් ආණ්ඩුව පෙරළිය නොහැකි බවට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය ඔහුගේ ප්රකාශයක් පමණක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.