පූජ්‍ය අතුරලියේ රතනහිමියන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම අගය කරන අතර ස්වාධීනවීම වඩාත් ඵලදායිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද, ඉල්ලා අස්වීමෙන් බව බව ජාතික හෙළ උරුමයේ උත්තරීතර සංඝමණ්ඩලයේ සභාපති, ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේබව පැවසූහ.
ඇත්තටම උන්වහන්සේ ස්වාධිනවීම හොදයි. ස්වාධීනවීමෙන් තමයි දෙතුන් පැත්තම හරියට පෙනෙන්නේ.නමුත් ස්වාධිනත්වය අර්ථවත් වෙන්නේ ඵලදායිවෙන්නේ උන්වහන්සේ කිසිදු සංවිධානයකයට සම්බන්ධ නොවී කටයුතු කිරීමෙන්. තමා දරන්නාවූ මන්ත්‍රී පදවියෙනුත් ඉල්ලා අස්වී කටයුතු කරන්නේනම් නම් තමයි ස්වාධීනත්වය වඩාත් තහවුරු වෙන්නේ. යැයි සෝබිත හිමියෝ ප්‍රකාශ කළහ.
.