ලාංකේය දේශපාලනයේ වෙනස් නොවන ව්‍යූහය වන්නේ ආත්මීයභාවය බවත්, නිදහසින් පසු කෙතරම් උත්සාහ ගත්තද මේ දේශපාලනය වෙනස් කළ නොහැක්කේ එකී ආත්මීය සාධකය නිසා බවත් 'HE' ද්විමාසික සඟරාවට වසරක් පිරීම නිමිත්තෙන් ‘දෙවසරක යහපාලනය සහ හෙට දවස’ යන මැයෙන් පැවැති 'HE FORUM'හිදී අදහස් දැක්වූ සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,”
"උදාහරණයක් විදියට සමලිංගිකත්වයට ඉඩ දෙන්න කියලා අදහසක් මතුවුණාම අපේ රටේ රාජ්‍ය පාලකයො ඒකට කැමැති නැහැ. සමලිංගිකත්වය තහනම් කරන්නෙ සුද්දා. ඊට පස්සෙ අපි හිතනවා ඒ තහනම් කළ එක තමයි අපේ සංස්කෘතිය කියලා. සුද්දටත් ඒක ඇතිවුණාම අපි තවදුරටත් හිතනවා මේක තමයි අපේ උරුමය කියලා.
නිදහසින් පසු සෑහෙන කාලයක් ගතවී ඇතත් අපි කොච්චර උත්සාහ ගත්තත් මෙම දේශපාලනය වෙනස් කරන්න තවමත් අසමත් වී ඇත්තෙ මේ කියන්නා වූ ආත්මීය ව්‍යූහය නිසා" යැයි පවසා සිටියේය.
HE FORUMහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර, මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක හා ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු විද්වත් මණ්ඩලය නියෝජනය කළහ.
මේ අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් හා සනත් ගුණතිලක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.