සයිටම් අහෝසි කර ලාභ නොලබන, රාජ්‍ය නොවන ආයතනයක් පිහිටුවීමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ නිකුත් වී තිබේ.
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුළත් නිවේදන අද (29දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යයට නිකුත් කර තිබුණි.
