සිය පක්ෂය වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවනවාට තමා අකමැති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් ඊයේ (09දා) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව කීවාය.
එසේ වුවද මිනීමරුවන් සහ වංචාකාරයන් පක්ෂයට නායකත්වය සපයනවාට තමා අකමැති බවද හිටපු ජනාධිපතිනිය පැවසුවාය.
ජනතාව ඡන්දය දුන්නේ පක්ෂය පිරිසුදු කිරීමට බවද පැවසූ ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්,
"මගේ පක්ෂය කැඩෙනවාට මම කැමති නැහැ. ඒ වුණත් මිනීමරුවන් සහ වංචාකාරයන් මගේ පක්ෂයට නායකත්වය සපයනවා දකින්න මම කැමති නැහැ. ජනතාව අපට ඡන්දෙදුන්නේ පක්ෂය පිරිසුදු කරන්න. දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරන්න. ප්‍රසිද්ධ හොරු, මිනීමරුවෝ පක්ෂයෙන් එළියට ගියා කියලා පක්ෂයට හානියක් වෙන්නේ නැහැ. ඒතුළින් පක්ෂයට තවත් එළියක් ලැබෙනවා" යනුවෙන් කියා සිටියාය.
සිය ආරක්ෂකයන් සම්බන්ධයෙන් විමසීමේදී පිළිතුරු දුන් හිටපු ජනාධිපතිනිය,
"මට ආරක්ෂකයන් 48 ක් දීලා තියෙනවා. තව රියදුරන් සමග ඒ ගණන 05 ක් පමණ වැඩිවෙයි. මේ ප්‍රමාණය මට හොඳටම ඇති. මොකද මම දැන් විශ්‍රාමිකයි. ඕනෑවට වඩා ආරක්ෂකයො අරගෙන රජයට බරක්වෙ න්න අවශ්‍ය නැහැ. ආරක්ෂාව සම්බන්ධයෙන් ඒතරම්ප් රශ්නයක් නැහැ"යනුවෙන් කීවාය.