සයිටම් විරෝධී සරසවි සිසුන්ට ඊයේ (21දා) පොලීසිය සිදුකළ පහර දීමට විරෝධය දක්වමින් අද (22දා) දිනයේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දීර්ඝ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව අද දහවල් රැස්වූ රජයේ නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණයට එළඹ ඇත. මේ අනුව වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, වර්ජනය නතර කිරීම පිළිබඳ පවතින තත්ත්වය සලකා බලා පසුව තීරණය කරන බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.