ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල හා පෞද්ගලික රෝහල්වල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව තහනම් කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ඉන්දියාවේ වකුගඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු 6ක් සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය ඊයේ තොරතුරු අනාවරණය කළ බවත් එම ජාවාරම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක්ද සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේය.
මේ පිළිබඳව පරීක්ෂණයක්ද පැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.