(UPDATE)
විද්‍යා නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්
විද්‍යා ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පැවසීය.
අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත්, දඬුවම් නියම වූ විත්තිකරුවන් ඊට සම්බන්ධ නැති බවත් නීතිඥ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කිරීමට පෙර පෙර විත්තිකරුවෝ හත් දෙනාද විත්ති කූඩුවේ සිට තමන් මෙම අපරාධය සිදු නොකළ බව ප්‍රකාශ කළහ.
චූතදිතයන් 7 කට මරණ දඩුවම
විද්‍යා ඝාතන නඩුවේ චූදිතයන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27දා) නියෝග කළේය. ඒ විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් පිටු 320ක නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද
යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙන් යාපනය මහාධිකරණයේ පැවති නඩු විභාගයේ තීන්දුව අද (27දා) දිනයේදී ලබා දීමට නියමිතව ඇත.
වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් යන මහන්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම නඩු තීන්දුව ලබා දීමට නියමිතය.
මේ අනුව විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 09 දෙනෙකුට එරෙහිව නඩු විභාගය සිදු වූ අතර එහි 02 ,03 ,04 ,05 ,06, 08,සහ 09 යන සැකකරුවන්ට එරෙහිව නඩු තීන්දුව අද දිනයේදී ලබා දීමට නියමිතව ඇත.
2015 වසරේ මැයි 15 වනදා විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කර තිබූ විද්‍යා දැරියගේ සිරුර 16 වනදා උදෑසන පුන්කුඩතිව් කැලෑවක තිබී සොයාගනු ලැබීය.
මේ අතර යාපනය මහාධිකරණය අවවට දැඩි ආරක්ෂාවක් සැපයීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.