ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසරේදි මැයි දින රැළිය පැවැත්වූ ගාල්ලට මෙන්ම මෙවර මැයි දින රැළිය පැවැත්වෙන මහනුවරටත් නියඟය නිමා කරමින් වර්ෂාව පතිත වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. මහනුවර ගැටමේ පිටියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමින ඔහු මේ බව පැවැසීය.
"මහනුවරට වහින එක අයහපත් කාලගුණයක් වෙන්නේ කොහොමද? මහනුවරට වැස්ස තිබුණේ නෑ. අපි ආපු දවසේ මහනුවරට වැස්සා. ඓතිහාසික පුදබිම ජලයෙන් තෙත්වුණා. වැස්සේ නැත්නම් අපි ගියෝත් වහිනවා. ලබන වසරේදී අපි නියඟය පවතින ප්‍ර දේශ සොයා ගිහින් මැයි රැළිය පවත්වනවා.
වැඩකරන ජනතාව හා දේශපාලකයා කියන්නේ දෙන්නෙක් නොවෙයි. වැඩකරන ජනතාවගේ හඩට දේශපාලකයා, පක්ෂ සෑම විටම යටත්විය යුතුයි. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද ලබාදෙමින් පොදු මහජන ප්‍රතිපත්ති තුළ රටක් ගෙන යා යුතුයි.
හෙට දවසේ කාර්යය අද දවසේ ඉටුකළ යුතුයි. රටක් ඉදිරියට ගෙන යෑමට අවශ්‍යවන්නේ ස්වදේශී සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක්. එය මම ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නවා. අද ජාත්‍යන්තරවාදය කෙමෙන් කෙමෙන් පහව යනවා. ලෝකයේ ප්‍රභල රාජ්‍යයන් අනෙකුත් රාජ්‍යන්වලට අතපෙවීම් ඉවත් කරමින් යනවා. සියලුම රාජ්‍යයන් ස්වදේශිකවාදී චින්තයත් ජාතිකත්වයක් මුල්කර ගනිමින් රට ගොඩ නැගීමට මුල් තැන දෙනවා. අපිට ලෝකයේ කිසිම රටකින් ඇගිලි ගැසීමක් බලපෑමක් නෑ.
තමන්ගේ ජාතිය ගැන පමණක් කල්පනා කරලා රට සමෘද්ධිමත් රටක් බවට පත් කරන්න බෑ. බලය සඳහා වෙන වෙනම දේශපාලන පක්ෂ හැඳුනා අපි පරිහානියට ගියා. ආපස්සට ගියා. යුද්ධයක් ඇතිවුණා. අවුරුදු 30ක් බරපතල වේදනා වින්දා. රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න අපි සියලු දෙනාට පුළුවන් වුණා සාමය ඇති කිරීමට. නැවත යුද්ධයක් ඇති නොවෙන්න රට ස්ථිර ලෙස සාමකාමි වෙන්න ජාතික සංහිදියාව ශක්තිමත් කල යුතුයි. සැකෙන් බයෙන් තොර රටක් බිහිකරන්න ඕන.
මේ කාලයේ නොයෙක් විවේචන තිබෙනවා. රට කඩනවා. පාවා දෙනවා. බුද්ධාගම නැතිකරනවා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මා ගැන විශ්වාසය තැබුවා. ජනවාරි 8 වැනිදා මා ගැන විශ්වාසයක් තියලා මාව ජනපති කළා. මම මේ පුටුවට ආවේ ඒ කියන එකක්වත් කරන්න නෙමෙයි. විදේශීය බලපෑම්වලින් තොරව ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් ගොඩ ගොඩ නගන්න අපි කටයුතු කරනවා.
අපිට චෝදනා කරන අයට කියන්න ඕන දොන් ජුවාන් ධර්මපාලගෙන් පස්සේ කේදනීය ලෙස ඉතිහාසට එක්වූයේ පෝට් සිටි ප්‍රදේශය චීනයට දීමයි. අපි ඒ ගිවිසුම වෙනස් කළා. සින්නක්කර වචනය අයින් කළා. අපිට විශාල වෙනසක් කරන්න ලැබුණා. බොහෝම පැහැදිලිව කියනවා වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා. ඒවට උත්තර දෙන්න අපි ලෑස්තියි.
නිදහස් පක්ෂයේ සභාපතිකම බලෙන් බාර ගත්තේ නෑ.හිටපු ජනපතිතුමා මට එන්න කියලා කතා කරලා සුහදශීලීව බාර දුන්නේ. නිදහස් පක්ෂයේ සභාපතිකම බලෙන් ගන්න බෑ. පක්ෂය ඉදිරියට යන්න කොතෙක් බාධා ආවත් මම ඒ සෑම කෙනෙකුටම කියනවා පැරදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේගයෙන් ඉදිරියට ඇවිත් පෙන්වා තිබෙනවා.
පක්ෂය කැඩුණ වෙලාවල් අපි දන්නවා. නිදහස් පක්ෂයේ 50 වැනි අවුරුද්ද ගත කරන්නේ. පක්ෂය දුර්වල වුණේ කොතනද කැඩුණේ කෙතනද කියල මම දන්නවා. මේ පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගෙඩනගලා ජයග්‍රාහී පක්ෂයක් බවට පත් කරනවා. අපි පක්ෂයෙන් කාටවත් යන්න කියලා නෑ. කාටවත් එන්න එපා කියලත් නෑ. නිවේදනයක් තියෙනවා පක්ෂ සංවිධායකවරු ඉවත් කිරිමෙන් පක්ෂය කැඩෙනවා කියනවා.මේ කියන්නේ අලුත් පක්ෂයක් හදාගෙන ඉන්න අයයි. "
"