ශ්‍රී ලංකාවට පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබුණි. මෙම විදුලිය විසන්ධි වූ පාරිභෝගිකයන් අතර කුමාර් සංගක්කාරද සිට ඇත.
සංගක්කාර නොවැම්බර් 30 දා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ කොළඹ ලංවිම කාර්යාල වලට ලැබෙන දුරකතන ඇමතුම් සඳහා ඔවුන් පළිතුරු නොදක්වන බවයි.
එසේම ඔවුන්ව සම්බන්ධ කරගැනීම හැකිවූ අයෙක් සිටීදැයිද ඔහු ප්‍රශ්න කර තිබුණි. මේ සඳහා බොහෝ පිරිසක් ඔහුගේ ට්විටර් ගිණුම සමග අදහස් හුවමාරු කරගෙන තිබුණි.
කෙසේ වෙතත් සංගා සඳහන් කර තිබුණෙ නැවතත් දෙසැම්බර් 04 දා විදුලිය යථා තත්ත්වයට පත්ව තිබු බවයි. එසේම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ කර ගත් විට ඔවුන් විශාල ඇමතුම් සංඛ්‍යාවකට ප්‍රතිචාර දැක්වූ බව ප්‍රකාශ කළ බවද ඔහු පවසයි.
විදුලිය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ඔහු සිය ස්තූතිය ප්‍රකාශ කිරිමටද අමතක නොකළේය.