මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගත ජනතාව අවස්ථා තුනකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන නැවත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇති බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා නිවේදනියක් නිකුත් කරමින් පවසයි.
එසේම රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය විසින් දිගුකලක් තිස්සේ අනුගමනය ක නීතිරාමුව හා නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නැතැයිද ලේකම්වරයා ඊයේ (18දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
2008, 2013 හා 2017 යන වසරන්හිදී නාවික හමුදාව විසින් බේරාගත් රොහින්ග්‍යා අනාථයින් නැවත දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.