(UPDATE) ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රඳවා සිටි රොහින්ග්‍යා සරණාගතයින් 30 දෙනා බූස්ස හමුදා කඳවුරට යොමුකර තිබේ. පසුව ඔවුන් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව යටතේ ශ්‍රී ලංකාවේ රඳවා සිටි මියන්මාර රොහින්ග්‍යා සරණාගතයන් 30 කු පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් මෙම සරණාගතයින් 30 දෙනා මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇත.
ඔවුන්ගේ ආරක්ෂාව යටතේ මෙම පිරිස ගල්කිස්සේ පිහිටි නිවසක රැඳී සිටියත් එම ස්ථානයට පැමිණි භික්ෂූන්වහන්සේ පිරිසක් විරෝධය දක්වීමත් සරණාගතයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ආරක්ෂාවට ගත් බව පොලීසිය පවසයි.