ඇවන්ට්ගාඩ් සමාගමට අයුතු සහගත අනුග්‍රහයක් දැක්වීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකුට හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා 19ක් යටතේ පවරන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙට (01දා) කැඳවීමට නියමිතය.
අල්ලස් කොමිසම විසින් අද (31දා)දින පවරන ලද මෙම නඩුව හෙට (01දා) දින කැඳවීමට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නඩුව අද දින කැඳවීමට නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, එස්.එම්. ෆ්‍රැන්සිස්, ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති, බී.ඒ. ගොඩකවෙල, පාලිත පියසිරි ප්‍රනාන්දු ඇතුළු අට දෙනකු නම් කොට ඇත.